Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති අතින් මුදල් පරිත්‍යාග

දෘශ්‍යාබාධිත නිවුන් දැරියන් දෙදෙනකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පසුගියදා (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. වර්ණකුලසූරිය සඳුනි පේෂලා සහ රුක්ෂානි මේකලා ‍වන මෙම සිසුවියන් දෙදෙනා මුන්දලම සිංහල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ අ.පො.ස. උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටී.

පසුගිය වසරේ ජූලි 13 වැනිදා ජනාධිපතිතුමා පුත්තලම, මදුරන්කුලියේ පැවති ග්‍රාමශක්ති මෙහෙයුම් කමිටු රැස්වීමට සහභාගීවීමට ගිය අවස්ථාවේදී මෙම සිසුවියන් දෙදෙනා කරන ලද ඉල්ලීම අනුව දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා භාවිත කළ හැකි විශේෂ මෘදුකාංග සහිත ලැප්ටොප් පරිගණක දෙකක් එම සිසුවියන් වෙත ලබාදීමට පියවර ගත්තේය. ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක බළකායේ සේවයේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත් කේ.එම්. සෙනෙවිරත්න මහතාගේ විදේශගතව ඉගෙනුම ලබන දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාරයක් පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();