Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෑම සමාජයකම සංස්කෘතිය තිබෙන්නේ නීතියට උඩින්

නීතිය සෑම පුද්ගලකුගේම හිසට උඩින් තිබෙන බවත් නමුත් සෑම සමාජයකම නීතියට උඩින් සංස්කෘතිය තියෙන බවත් සංස්කෘතිය සියල්ල පාලනය කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ගල්ල උණවටුන බොනවිස්ටා විදුහලේ දෙසියවැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවය අමතමිනි.

උස්සව සභාව ආරම්භ කිරීමට පෙර මෛත්‍රිපාල සිරිසේන මහතා එම විදුහල් භූමියේ නා පැලයක් රෝපනය කෙළේය. ඉන් අනතුරුව නව පරිගණක ඒකකය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

තවදුරටත් උත්වස සභාව ඇමැතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසිය.

සංස්කෘතිය නීතියෙන් වහන්න පුළුවන් කමක් නැහැ. අලුත් නීති හදල අලුත් පනත් හදල සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ. එමෙන්ම රටක සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් කියන ඒවා නීතියට වඩා ශක්තිමත් සමාජ කරණා වෙනවා. ඒවා දේශපාලන බලවේගවලටත් වඩා ශක්තිමත් .

මම අද සතුටු වෙනවා බොනවිස්ටා පාසලේ වසර දෙසීයක සැමරුම පවත්වන මේ වැදගත් අවස්ථාවේ ඔබ සැම සමඟ එක්වීමට ලැබිම ගැන . අපේ මැති ඇමැතිවරුන් ඉතාම වැදගත් හරවත් රසවත් කරුණු කීපයක්ම ඉදිරිපත් කළා. ගම්මන්පිල මැතිතුමා ,මනෝ ගනේෂන් ඇමැතිතුමා සහ මහ ඇමැතිතුමත් වැදගත් දේවල් ප්‍රකාශ කළා. මේ පාසලේ අවුරුදු දෙසීයක ඉතිහාසයේ ගමන් මඟ අපට අත්දැකිම් ගෙන දෙනවා.ඒ වගේම මේ පාසල වසර දෙසීය තුළ ශක්තිමත්ව ගොඩනැඟුන අවස්ථා ගණනාවක් තියෙනවා. හරියට මිනිසුන්ගේ ජීවිතත් වගේ .රටක් සහ ආයතනයක් ඒ වගේ .වැටෙනවා. නැගිටිනවා. නැගිට නැගිට ඉදිරියට යනවා. ඒකයි ස්වභාව ධර්මය කියන්නේ.

එදා විදේශිකයන් ඇවිත් රට ආක්‍රමණය කිරීම නිසා අපට ඇති වෙච්ච දේවල් මොනවාද. ඒවා ගැන ඔබ පොත් සිය ගණනක් කියවන්න ඇති. විදේශික ආක්‍රමන නිසා අපට නැති වෙච්ච දේවල් වගේම ප්‍රභාකරන්ගේ එල්ටීටිඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදියා නිසා මොන තරම් දේවල් අපට නැතිව ගියාද. ආක්‍රමනිකයින්ගෙන් අපට මොන විදියේ අභියෝගයන්ද වුණේ. ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදියෙක් විදිහට ප්‍රභාකරන්ගෙන් මොන විදියේ අභියෝගයන්ද අපට වුණේ.

දැන් මේ පාසලේ වසර දෙසීයක කතාවේ රටට ලැබුණ දේවල් මොනවාද. නොලැබුණ දේවල් මොනවාද. මීට වසර දෙසීයකට පෙර ගාල්ල ප්‍රදේශය මොන විදිහටද තියෙන්න ඇත්තේ. එය ඔබට හිතා ගන්න පුලුවන්ද. ඔබ කියවල ඇති ඒ පිළිබඳව. ඔබ සමහර පරණ ඡායාරූප දැකලා ඇති. නමුත් වසර දෙසීයක් කියන්නේ පරම්පරා පහකට වැඩි කාල සීමාවක්. එදා ලංකාවේ දකුණු පළාතේ ගාල්ලේ අධ්‍යාපනය, සංස්කෘතිය ,සමාජ මට්ටම්, ආර්ථික භෞතික දියුණුව, තාක්ෂණය, සෞඛ්‍ය කේෂ්ත්‍රය මොන විදිහටද එදා තියෙන්න ඇත්තේ. මේ අවුරුදු දෙසීයක කතාවේ අපට සතුටු විය හැකිදේ තියෙනවා. ඒ සතුටු විය හැකි බොහෝ දේ තමයි එදාට වඩා රටේ දියුණුව,දැනුම අධ්‍යාපනය ගාල්ල ප්‍රදේශයේ වගේම බොනවිස්ටාවෙන්ද බිහි වෙච්ච දරුවන් පුරවැසියන් රට ජය ගත්තා වගේම ලෝකය ජය ගත්තා වගේම අපේ රට වසර දෙසීයකට පෙර තිබුණ තැන. විශේෂයෙන් නව තාක්ෂණය, අධි තාක්ෂණය ,ඒ අධි තාක්ෂණය සමඟ ගෙවුන වසර දෙසීය ගැන හිතන විට අද තියන්නේ වඩාත් දැනුමෙන් සපිරි සමාජයක් .එයින් තුනෙන් එකක කාලය තුළ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපලය මේ රටේ දරුවන්ට ලැබී තිබෙනවා. එම නිසා දරුවන් ගම ජය ගැනීම ,රට ජය ගැනීම පමණක් නොව අපේ දරුවන් ලාංකිකයින් ලෝකය ජය ගෙන තියෙනවා.ඒ දැනුමෙන් පරිපූර්ණ වූ ජාතියක් විදිහට ශක්තිමත් වෙලා තියෙන නිසා. ජාතියක අනාගතය හැම විටම උගතුන් වැඩි වූ තරමට ආලෝකය ,ප්‍රභාෂ්වරය , දීප්තිය වර්ධනය වෙනවා. ඒ නිසා වසර දෙසීයක කතාවේ වඩාත් දැනුමෙන් පිරුන සමාජයක් ගොඩනගන්න බොනවිස්ටාව මොන තරම් කැපවීමක් කරන්න ඇතිද.

මේ විදුහල වසර දෙසීයකට පෙර ආරම්භ කළ දවස ඔබට සොයා ගන්න පුළුවන්නම් එදා දරුවන් කී දෙනෙක් හිටියාද, එදා විදුහල්පතිවරයා කවුද,මේ වසර දෙසීය තුළ සිටි විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, ගුරු මණ්ඩලය ඊට අනුග්‍රහය දැක් වූ ආයතන ඒ වසර දෙසීයේ කතාවේ දෙමාපියන්ගේ කාර්ය භාරය ,වගකීම සහ යුතුකම පාසල සමඟ තිබු බද්ධවීම පිළිබද ගරු ඒ. ටී. ආරියරත්න මැතිතුමෙනි පොතක් ලියන්න පුළුවන්නම් ඒ පොතට කරුණු සොයා ගන්න පුළුවන්නම් කොච්චර දේවල් කියන්න තිබේද. එ් කතා කොතරම් රසවත්වේයිද.හරවත්වේයිද. එය ඥානවත්තයන්ට ප්‍රඥාවන්තයන්ට උගතුන්ට බුද්ධිමතුන්ට විද්වතුන්ට අත්දැකීම් ලබා ගන්න පුළුවන් වැදගත් පුස්තකයක් බවට පත් වෙයි. ඒ නිසා අද ඉන්න දරුවන්ට වගේම අද ජීවතුන් අතර සිටින පාසලෙන් පිට සිටින විවිධ උගතුන්ට විද්වතුන්ට විදුහල්පතිතුමනි ආරාධනයක් කරන්න වසර දෙසීයක බොනවිස්ටාවේ කතාව ගැන පොතක් ලියන්න. ඒක ඉතිහාසයට එකතු වේවි. ඒ ගත වෙච්ච වසර දෙසියේ ලැබුණ දේ ගැන සතුටු වෙනවා වගේම ඒ වසර දෙසීයේ අපෙන් ගිලිහුන දේවල් අපිට ලැබිලා තිබිලා අපට නැති වුණ දේවල් කොච්චර තියෙනවා.

විදේශීය ආක්‍රමනිකයින් රට අල්ලා ගැනීමත් සමඟ අපේ සංස්කෘතිය අපේ හැදියාව අපේ විනය අපේ සිංහලකම අපේ බෞද්ධකම ඒවාට මොන තරම් අභියෝග එල්ල වුණාද කියන කාරණාව. මම හිතන්නේ ඒ සියල්ල අප මෙනෙහි කළ යුතුයි. රටක සංස්කෘතික සම්ප්‍රදායන් සිරිත් විරිත් කියන ඒවා නීතියට වඩා සමාජයකට ශක්තියක්. ඒවා දේශපාලන බලවේගවලටත් වඩා ශක්තිමත්.රටවල්වල ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න මිනිසුන් ගොඩනගන්න මිනිසුන් නැති කරන්න සම්ප්‍රදායයන් සිරිත් විරිත් සංස්කෘතිය බොහෝ සේ බලපානවා.රටක සංස්කෘතිය හැම විටම තියෙන්නේ රටක නීතියට ඉහළින්.මෙතන ඉන්නවා නීතිඥ මහත්වරුන් .උදය ගම්මන්පිල මහත්තයාල වගේ.නීතියේ පැහැදිලිවම තියෙනො සෑම පුද්ගලකුගේම හිසට උඩින් නීතිය තියෙන්නේ කියල. සෑම පුද්ගලයකුගේම හිසට උඩින් නීතිය තියෙනවා. නමුත් සෑම සමාජයකම නීතියට උඩින් සංස්කෘතිය තියෙනො. සංස්කෘතිය සියල්ල පාලනය කරනවා.සංස්කෘතිය නීතියෙන් වහන්න පුළුවන්කමක් නැහැ. අලුත් නීති හදල අලුත් පනත් හදල සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ.සංස්කෘතිය සිරිත් විරිත් සම්ප්‍රදායන් එක්ක නිර්මණ ශීලිත්වයන් එක්ක තමයි රටක සංස්කෘතිය ගොඩනැගෙන්නේ.ඉතින් ලැබුදේ වගේම අපට තිබුණ ඇතැම් වටිනාකම් ගිලිහි ගිය දේවල් බොනවිස්ටාවේ වසර දෙසියක කතාවේ තියෙනො. ඒ වගේම මේ පාසලේ කීර්තිමත් ආදි සිසුන් පිළිබඳ කතා කරන්න ඕනෑ. අද ඒ. ටි. ආරියරත්න මැතිතුමා මෙතන ඉන්නවා වගේම මෙහි ඉහළ ඡායාරූපවල පෙනෙන චරිත අතරේ ප්‍රධාන වශයෙන් කතා කළොත් සෙනරත් පරණවිතාන චරිතය, මාටින් වික්‍රමසිංහ චරිතය මේ රටේ සමාජය වෙනස් කරන්න බලපෑ චරිත දෙකක්. මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ සාහිත්‍යමය භාෂාව ,කලාව සමාජයට දුන්නා. බොනවිස්ටාවේ

ආදී ශිෂ්‍යයෙක් හැටියට මම හිතන්නේ නිරතුරුවම නිතැතින්ම ඔබ සතුටු වෙනව ඒ මහා ශ්‍රේෂ්ඨ මානවාදියා පිළිබඳව.ඔහු මේ රටේ සාහිත්‍ය කේෂ්ත්‍රයේ විප්ලවීය චරිතයක්. මහාචාර්ය සෙනරත් පරණවිතාන මේ රටේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වගේම ඔහු ලෝකය ජයගත් පුරාවිද්‍යා විශේෂඥයෙක්.පොළොන්නරුවේ කෙනෙක් විදිෙහට මම දන්නවා මම අහල තියෙනවා ඒ කාලේ මහාචර්ය සෙනරත් පරණවිතානයන් ගිහිල්ල පුරාවිද්‍යා බල ප්‍රදේශවල සිය ජීවිතය කැප කරපු හැටි. මහා කැලෑවේ මහ වනාන්තරවල ගල් ගොඩවල්වල කට්ට අව්වේ වන සතුන් සමඟ සෙනරත් ශූරීන් ජාතියේ උරුමය සහ ජාතියේ අනාගතය වෙනුවෙන් බොහෝ දේ සොයන්න පටන් ගත්ත කෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨ අපේ ඉතිහාසය පිළිබඳ කතා කරන විට ඒ කීර්තිමත් ඉතිහාසය පිළිබඳ ලෝකයට දුන්න කෙනෙක් තමයි පරණවිතාන ශූරීන් කියන්නේ.ඒ වගේම තමයි ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් කතා කරන විට මාටින් වික්‍රමසිංහ චරිතය මහා විශ්වීය චරිත දෙකක්.ඒ නිසා ඔබේ බොනවිස්ටාව මහා

ගෞරවනීය පාසලක්. ඔබට බොහෝ සතුටු වෙන්න පුළුවන් ඔබ කතා කළ යුත්තේ පාසල වැටී තිබු තැන ගැන නොවෙයි. වසර දෙසියක මේ පාසල ගොඩනැගූ ආකාරය සහ මේ පාසලෙන් ගොඩනැඟුන මහා විශිෂ්ඨ චරිත පිළිබඳවයි. රටක සංවර්ධනය සඳහා කරන ආයෝජනවලින් පුළුල්තම දීර්ඝ කාලීන ආයෝජනය ජාතියේ අනාගතය සඳහා වන ජාතියක් ගොඩනගන්න කරන ආයෝජනය තමයි අධ්‍යාපනයට කරන ආයෝජනය. එය අසීමිතයි. කෙලවරක් නැහැ. එයින් ලැබෙන ප්‍රතිපලය අසීමිතයි. එයින් තමයි ඔබ අප කවුද කියා ලෝකය හඳුනා ගන්නේ.ලෝකයේ තිබෙන සියළු තරගකාරීත්ව සියළු කේෂ්ත්‍රවලින් ඉදිරියට යන්නේ ඒ දැනුමත් සමඟයි. ඒ දැනුම පිළිබඳ කතා කරන විට දරුවනේ මම හැම තැනම කියන කතාවක්. මම ඊයේ ගම්පහ හේනෙගම මධ්‍යම මහා විද්‍යාලයේදී ළමයි හාර දහසකට ඊයේ සන්ධ්‍යාවේත් පෙරේදා මා ඉගෙන ගත් පාසල ළමයි හාර දහසකට වැඩි ප්‍රමාණයක් ඉන්න පොළොන්නරුවේ රාජකීය විද්‍යාලය. මේ සෑම තැනම මම කියන කතාව මේ යුගයට අත්‍යාවශ්‍ය පණිවුඩයක් තමයි දරුවන්ට දෙන්නේ.ඒ මොකද්ද පණිවුඩය දරුවනේ. දෙමවුපියනි, අපි නිදහස් අධ්‍යාපනයත් එක්ක අද විභාගවලින් හොඳ ප්‍රතිපල ලබනවා. ඒ ගැන අපි හුගාක් සතුටු වෙන්න ඕනෑ. දැනුම සමඟ විභාගය උසස් විභාග ප්‍රතිපල අංක එක. ඒ ගැන කිසිම සංවාදයක් විවාදයක් තර්කයක් නැහැ.අද අපේ ඉහළම දැනුම තියන විද්වතුන් උගතුන් පඩිවරුන් බහුශ්‍රැතයින් සමාජයේ පිරිල ඉන්නවා. ඔවුන් ලෝකය ජය ගන්නවා. අපට වඩා ඉහළ ආර්ථිකයක් තියෙන අමෙරිකාව වගේ රටක් ගත්තාම මහා ධනවත් රටවල්වල අද ශ්‍රී ලාංකිකයින් විද්‍යාඥයින්, විද්වතුන් විදිහට මොන තරම් සේවය කරනවාද. ශ්‍රී ලාංකිකයින් ලෝකයේ තවත් කිසිවකුටත් දෙවැනි නොවන දැනුමින් සපිරි ජාතියක්.ඒ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපලයි.එවැනි විශිෂ්ඨ ජාතියක් අද ලෝකයේ දැනුමින් ජයග්‍රහණය කර තියනව දරුවනේ.

ඔබ විභාග සමත් වෙනවා වගේම ජිවිතය සමත්වීමේ අභියෝගය අද ඉතා ප්‍රබලයි. මත්ද්‍රව්‍යවලින් අද සමාජය වෙලා ගෙන තියෙන්නේ.සංචාරක ව්‍යාපාරයේ යහපත් පැත්ත වගේම සංචාරක ව්‍යාපාරයේ සෑම දෙයකම හොඳ නරක වගේම අයහපත් පැත්ත ඔබ තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරන්න විශ්වවිද්‍යාල ඇතුළේ මත්ද්‍රව්‍ය නොමිලේ බෙදා දෙනවා. හෙරොයින් ,හෂීස් ,කොකේන් ,අයිස් කියන කෘතිම නීති විරෝධි මත්ද්‍රව්‍ය නිසා මේ ප්‍රබල සමාජය අභියෝගයකට ලක් වී තිබෙනවා.

විනාශ කරන්න මත්ද්‍රව්‍ය අද ප්‍රබල වෙලා තියෙනවා.සෑම කෙනෙක්ම අත ගහන්න ඕනෑ සෑම කෙනෙක්ම අත්වැල් බැද ගන්න ඕනෑ. මේක මගේ ප්‍රශ්නයක් නොවෙයි දරුවනේ මේක ඔබේ ප්‍රශ්නයක්. මේක මගේ ප්‍රශ්නයක් නොවී මේක රටේ ප්‍රශ්නයක්.මත්ද්‍රව්‍ය , මගේ ප්‍රශ්නයක් නොවි ජාතියේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්.ඒ නිසා තමයි මම පොලිසිය භාර ගත්තේ.වෙනදාට වඩා උනන්දුවෙන් මත්ද්‍රව්‍ය විතරක් නොවේ අනිත් සියලු සේවාවනුත් ඉතා හොදින් කරනවා. පොලිසිය බොහෝ විවේචනවලට ලක් වෙච්ච දෙපාර්තමේන්තුවක්. නමුත් පොලිසිය තරම් සමාජයට සේවයක් ඉටු කරන දෙපාර්තමේන්තුවක් බව කියමින් ඔබෙන් සමු ගන්නවා .ස්තුතියි. තෙරුවන් සරණයි.

දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල්ද සිල්වා, ජාතික ඒකාබද්ධතා ඇමැති මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ විදුහල්පති කරුණාරත්න ගනේගොඩ යන මහත්වරු ද මෙම උත්සව සභාව අමතා කතා කළහ.

පළාත් සභා අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර, කෘෂිකර්ම ඇමැති යූ .ඩී .ජි .ආරියතිලක, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, උණවටුන බොනවිස්ටා විදුහලේ ආදී ශිෂ්‍ය සර්වෝදය නායක ඒ. ටි. ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වුහ.

යක්කලමුල්ල විශේෂ, දකුණු පළාත් සංචාරක , ගාල්ල උතුර සමුහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();