අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පහක් ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ අතර එම අමාත්‍යාංශයේ හා බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයට අදාළ සෙසු වැය ශීර්ෂ වැඩි ඡන්ද 18කින් පරාජයට පත්විය. ඒ අනුව ශීර්ෂ අංක 260 යටතේ වන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පළමු ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 18කින් පරාජයට පත් විය. අදාළ අමාත්‍යාංශ පිළිබඳ වැය ශීර්ෂයන් සඳහා බෙදීමක් අවශ්‍ය බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්ද 20ක්ද විරුද්ධව ඡන්ද 38ක්ද ලැබිණ.
ඉන් පසුව අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ වූ වැය ශීර්ෂයන් සඳහාද ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ සඳහා පක්ෂව ඡන්ද 23ක්ද විරුද්ධව ඡන්ද 38ක්ද ලෙස ලැබිණ.
ඉන් පසුව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් වෙනුවෙන්ද වෙනමම තෙවන වර ඡන්ද විමසීමක් සිදුකළ අතර එම වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්ද 24ක්ද විරුද්ධව ඡන්ද 38ක්ද වශයෙන් ලැබිණ. ඒ අනුව අදාළ අමාත්‍යාංශයන්හි වැය සම්මත නොවූ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
අදාළ අමාත්‍යාංශයන් පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පෙරවරු 10.00 සිට පැවැති අතර රාත්‍රී 7.30ට පමණ විවාදය අවසන්වීමෙන් පසුව විපක්ෂය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.
මෙම ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ සභාවෙහි නොසිටියහ.
0 Comments