ඇමැති සජිත් ප්‍රේමදාස
වත්මන් ආණ්ඩුවෙන් ජනතාවාදී සංවර්ධනයක් සිදු නොවන බවට මතයක් ගොඩනැඟීමට විරුද්ධවාදීන් කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් සහ සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
කිසිදු සංවර්ධනයක් රටේ සිදු නොවනවා යයි ප්‍රකාශ කරන පිරිස් එදා බලයේ සිටියදී නිවාස සංවර්ධනය උදෙසා සිදුකළේ කුමක්දැයි තමන් ප්‍රශ්න කරන බවත් පොදු ජනතාව සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ බවත් පැවසීය. ඒ සඳහා උදා ගම්මාන වැඩපිළිවෙළද හොඳ ශක්තියක් යැයිද ඇමැතිවරයා පැවසීය.
රට තුළ අති විශාල සංවර්ධනයක් මේ වන විට සිදුවෙමින් පවතින බවත් පැවසූ ඇමැතිවරයා උදා ගම්මාන වැඩපිළිවෙළ තුළින් ජනතාවට විශාල ප්‍රාග්ධන ශක්තියක් ලැබෙන බවද ප්‍රකාශ කළේය.
වර්තමානයේ ජනතාවට සෑම දිසාවකින්ම තොරතුරු ගලා එන බවත් ඒ හරහා සත්‍ය තොරතුරු අවබෝධ කර ගැනීමට ජනතාවට ශක්තිය තිබිය යුතු බවද ඇමැතිවරයා කීය. අතීතයේ ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටි රටවල් වර්තමානයේ සංවර්ධනයේ පිමි කීපයක් ඉදිරියට පැන ඇති බවද ඒ පිළිබඳව සිතා බැලිය යුතු බවද පැවසූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රට පුරාම තාක්ෂණ විප්ලවයක් ඇති කිරීම ඉදිරි දැක්ම විය යුතු යයිද පැවසීය.
සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා (23) හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස, කැන්දකැටිය ප්‍රදේශයේ ඉදිවූ සිරිපැනනදගම සහ 24දා අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ඉදිවූ මිලිඳුපුර උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි. මිලිඳුපුර උදා ගම්මානයේ නිවාස ලාභීන් අතරින් කිහිප දෙනෙකු ආදි වාසීන් බවද නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
උපාලි කරුණාරත්න

0 Comments