Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්තානයේ ඉන්දීය දේශසීමා ආශ්‍රිත ත්‍රස්ත කඳවුරකට ප්‍රහාර

පාකිස්තානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට ඊයේ අලුයම ප්‍රහාර එල්ල වී තිබේ.

මිරාජ් ටූ තවුසන්ඩ් ප්‍රහාරක ජෙට් යානා 12ක් යොදාගනිමින් මේ ප්‍රහාරය එල්ල කර ඇති අතර කිලෝග්‍රෑම් දහසක් බර බෝම්බ හෙළීමෙන් පාකිස්තාන දේශසීමාවේ පිහිටි ත්‍රස්ත කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ත්‍රස්ත කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් නමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණු කිරීමේ කඳවුරක් බව ද සඳහන් වේ.මේ අතර ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට පාකිස්තාන හමුදාව චෝදනා කරයි.

පාකිස්තාන හමුදාවේ මේජර් ජෙනරාල් අසීෆ් ඝාෆූර් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසා ඇත්තේ, ඉන්දීය ගුවන් හමුදාව සිය දේශසීමාව උල්ලංඝනය කිරීම හමුවේ තම ගුවන් හමුදාව ද කඩිනමින් සිය ප්‍රහාරක ජෙට් යානා පිටත්කර යැවූ බවයි.

කෙසේ වෙතත් ඉන්දීය ගුවන් යානා ඒ වනවිටත් ආපසු පිටත්ව ගොස් ඇති බව පාකිස්තානය ප්‍රකාශ කළේ ය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();