පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ ඇප අයැදුම්පත එරට අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
නවාස් ෂරීෆ් මේ වන විට සෞදි අරාබියේ වානේ කර්මාන්තශාලාවක හිමිකාරීත්වය සනාථ කිරීමට නොහැකි වීම ඇතුළු වංචා දූෂණ චෝදනා කිහිපයක් හේතුවෙන් වසර හතක සිර දඬුවමක් විඳිමින් සිටී. ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඇප අයැදුම් කළේය. එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය ප්‍රකාශ කළේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඇප ලබාදීමට තරම් හේතුවක් නොවන බවයි.

0 Comments