Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වියට්නාමයට පැමිණි උතුරු කොරියානු නායකයාට උණුසුම් පිළිගැනීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සමුළුව සඳහා වියට්නාමයට පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන්ට උණුසුම් පිළිගැනීමක් හිමි වී තිබේ. ඩොන්ග් ඩැන්ග් දුම්රිය ස්ථානය වෙත ළඟා වූ ඔහු වෙනුවෙන් රතු පළස අතුරා තිබූ අතර ඒ දෙපස රැස් වූ පිරිස් කොඩි වනමින් ඔහු පිළිගන්නා අයුරු දක්නට ලැබුණි. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ හැනොයි වෙත ගමන් කරද්දී ද මඟ දෙපස රැස් වූ ජනතාව ඔහුට සුබ පතමින් ප්‍රීති ඝෝෂා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සමඟ ඔහුගේ සහෝදරිය වන කිම් යො-ජොන්ග් ද හිටපු ජෙනරාල් කිම් යොන්ග්- චොල් සහ පසුගිය ට්‍රම්ප් සමුළුවට එක්වූ මුහුණු ද වන බව දැකිය හැකි විය.

මේ අතර ට්‍රම්ප් ද වියට්නාමය බලා පිටත් වූ බව ධවල මන්දිරය වාර්තා කරයි

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();