පාකිස්තානයට ගලා යන ගංඟා නදියේ ජලය සීමා කිරීමට සැලසුම් කරමින් සිටින බවට සිදු කළ ඉන්දීය ප්‍රකාශය පිළිබඳව බොහෝ රටවල අප්‍රසාදය පළ වී තිබේ.
මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේ එරට ප්‍රවාහන හා ජල සම්පත් අමාත්‍ය නිතින් ගද්කාරී විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
ඔහු පවසන්නේ ඉන්දියාවේ නැගෙනහිර ගංඟාවලින් පැමිණෙන ජලය පාකිස්තානයට ගලා යෑම නවත්වා එරට ජම්මු හා කාශ්මීර සහ පන්ජාබ් ප්‍රාන්තවල සිටින ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවයි.
පාකිස්තානයට පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති නමුත් එය කිසිසේත්ම මානුෂික තීරණයක් නොවන බව විද්වත් මතයයි. 1960 වසරේදී අත්සන් කළ ඉන්දු ජල ප්‍රඥප්තියට අනුව ඉන්දු ගංඟාවල ජලය පාකිස්තානය සහ ඉන්දියාව අතර බෙදී යන අතර පාකිස්තානයේ කෘෂිකාර්මික කටයුතුවලින් 80%ක්ම ඉටුකරන්නේ ඉන්දු ගංඟාවලින් ලැබෙන ජලයෙනි.
මෙම අර්බුදයට තුඩු දුන් හේතුව වුණේ පසුගිය සතියේ කාශ්මීරයේ දී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයයි. ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 41 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

0 Comments