Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදු සන්ධානයට විරුද්ධ නම් බැසිල් රටට හේතු කියන්න – ජාතික සංවිධාන

පොදු පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු නාම වාමවාදී ජාතිකවාදී පක්ෂ එක්ක කොඩියක් යටතට ගෙන පවතින ආණ්ඩුවේ රටට හතුරු න්‍යාය පත්‍රය පරාජ කළ යුතු බවට ජාතික බලවේග විසින් ඉදිරිපත් කරන මතයට බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධ වන බවට සමාජගත වී ඇති මතය පිළිබඳ lanka lead විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

ඊට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් සෘජුව එවැනි මතයක් ප්‍රකාශ කරන්නට යෙදුනු බව තමා නොදන්නා බව සහ නමුත් එතුමා එවැනි මතයක් දරන්නේ නම් එය සාධාරණීකරණය කිරීම සඳහා විවෘත හේතු දැක්විය යුතු බවය.

තව දුරටත් අදහස් දක්වමින් පුද්ගලයන්ගේ ඔලු තුල පහලවන අදහස් ක්‍රියාත්මක කිරිමේදී ඒ්වා අහිතකර ‌ලෙස බලපාන්නේ නම් ඒම පුද්ගලයන් ඒ්වාට පුද්ගලිකව වගකිවයුතු බව සදහන් කළ අතර 2015 දි මහින්ද රාජපක්ෂ මහතා පරාජයකොට රට අනතුරට ලක් කිරීමට මුල් වුයේද වැඩවල කාර්යකෂමතාවය ගැන පමණ්ක් ‌වෙහෙස වන ඒහෙත් උපායමාර්ගික ඥානයක් නැති පුද්ගලයන්ගේ ‌දේශපාලන දුප්පත්කම බවද අවදාරනය කලේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();