Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යවස්ථාව ආරක්ෂ කරන්න කැපවුනේ එ.ජා.ප ආණ්ඩුවයි

විපක්ෂයේ අය පසුගියදා ව්‍යවස්ථාව උල්ලංඝනය කලත්, ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කැපවුනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. 
 
"මේ රට තුල වෙනසක් ඇති කරලමින්, යහපාලන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කලේ රට වැටී තිබූ අගාධයෙන් ගොඩගැනීමටයි. 2015 වසරේ ආණ්ඩු බලය භාර ගන්නේ අභියෝග රැසක් සමගයි. රජයක් විදිහට එම අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට අපට ශක්තිය තිඛෙනවා. දවසින් දවස එම අභියෝගයන්ට  විසදුම් ලබා දෙමින් ඉදිරියට යනවා. මේවන විට ආණ්ඩුව භාරගෙන අවුරුදු තුනහමාරක් වෙනවා. රටක් විදිහට තනි නොවී ආපස්සට නොගොස් ඕනෑම අභියෝගයකට මුහුන දිය හැකි මට්ටමට රටත්, සමාජයත් අද වන විට පරිවර්ථන කිරිමට හැකි වී තිඛෙනවා. රටට දරාගත නොහැකි ණය කන්දට අපි මුහුණ දුන්නා. ආර්ථීක ප්‍රශ්න, ජාත්‍යන්තර ප්‍රශ්න, සියල්ලටම මේ වන විට සාර්ථකව මුහුණ දී තිබෙනවා."
 
අමාත්‍යවරයා මේ අදහස් පල කළේ රුපියල් ලක්ෂ 92ක වියදමින් කෑගල්ල- ඔලගන්කන්ද මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි. 
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් අමාත්‍යවරයා, 
 
"ලෝකය ගමන් කරන වේගයට අපේ රටත් ගමන් කල යුතු වෙනවා. ජාතියක් ලෙස දියුණුව කරා ලඟා විය හැක්කේ එවිටයි. ලෝකයේ සිදුවන වෙනස්වීම් නොසලකා හැර හුදකලා ගමනක් යෑමට රටකට අවස්ථාව නැහැ. හැමදාමත් දියුණු වෙමින් පවතින රටක් ලෙස පවතින්න බැහැ. දර්ශනයක් නැති, මතවාදයක් නැති දේශපාලන පක්ෂ රටේ තිඛෙනවා. ජනප්‍රිය දේශපාලන සටන් පාඨ වලින් රට ගොඩනගන්න බැහැ. ඉදිරි පරම්පරාව ගැන සිතමින් කටයුතු කිරිම අවශ්‍ය වෙනවා. 1977 ෙජ්.ආර්.ජයවර්ධන මහතා, නව වෙනසක් මේ රටේ ඇති කලා. රට පරිවර්තනයකට ලක් කලා. දුප්පත් වෙලා ඉපදුනාට හැමදාම ඔවුන් දුප්පතුන් විදිහට ජිවත් විය යුතු නැහැ. දුප්පත්කම උරුම දෙයක් නොවේ. රජයේ බලාපොරොත්තුව ජනතාවගේ දුප්පත්කම නැති කර, සියළු ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ සමානව ලබා දීමයි. පක්ෂ භේදයෙන් තොරව සියළුදෙනාටම ආදායම් මාර්ග නිර්මාණය කිරිමයි. රැකියා උත්පාදනය වන ආර්ථීකයක් ගොඩනැගීමයි. මේ සදහා සියළු දෙනා එක්සත්ව කටයුතු කර රජය ගෙන යන ජනතාවාදී වැඩ පිළිවෙල ශක්තිමත්ව ඉදිරියට කර ගෙන යාමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා." 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();