ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණු පොතෙන් ඉවත්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි. දැනටමත් මුහුණු පොතේ සිටින ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ගිණුම වසා දැමීමට කටයුතු කරන ලෙස ඒ මහතා විශේෂ ඉල්ලීමක් කළේය.
දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය නිමවා ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපතිවරයා මෙම ඉල්ලීම කළේය.
මෙම අවස්ථාවේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, ලසිත් ඇඹුල්දෙනිය, රොෂෙන් සිල්වා හා ඔෂධ ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් එක්ව සිටියහ.
“ අපේ ක්‍රීඩකයින් මෙයට වඩා විනය හදාගත යුතුයි. ෆේස් බුක් වලින් ඉවත් වෙන්න. ෆේස් බුක් නිසා ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාව බිද වැටෙනවා. අපේ ක්‍රීඩකයින්ගේ ටැලන්ට් එකෙන් ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකියි. ක්‍රිකට් කියන්නේ මනස හොදින් තියාගෙන ක්‍රීඩාකළ යුතු ක්‍රීඩාවක්. කුසල් වගේ ක්‍රීඩකයෙක්ට ෆේස් බුක් එකෙන් විශාල ප්‍රහාර පසුගිය කාලේ එල්ල වුණා. ඒ වගේ ගැරහුම් මැද කුසල් හොඳින් ක්‍රීඩා කිරීම පුදුමයි. ඉදිරියේ එක්දින තරගාවලිය පැවැත්වෙනවා. ලසිත් මාලිංග ඇතුලු කණ්ඩායමට අපේ සුභ පැතුම් එක් කරනවා“ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.

0 Comments