ලෝක ක්‍රීඩාවේ වටිනාම තරගාවලිය ලෙසින් සැලකෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ 2032 වසරේ සත්කාරකත්වය දිනා ගැනීමේ සටන සඳහා වූ වෙන්දේසියට නිල වශයෙන් ඉදිරිපත්වීමට ඉන්දුනීසියාව තීරණය කර තිබේ.
චීනය, ජපානය සහ කොරියාව හැරුණු කොට අග්නිදිග ආසියාවේදී මෙතෙක් ඔලිම්පික් තරගාවලියක් පවත්වා නොමැති වීම, මෙම තරගාවලිය ඉන්දුනීසියාවට ලැබීමේ වැඩි ඉඩ කඩක් පවතිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි. තවද ඉකුත් 2018 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දැරීමේදී එම තරගාවලිය ඉතා ඉහළින් සංවිධාන කිරීමට ඉන්දුනීසියාවට හැකිවීම ඔවුන්ට හිමි තවත් අතිරේක වාසියකි.
කෙසේ වෙතත් එම තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති රටවල් අතර ඉන්දුනීසියාව එකම ආසියානු රට නොවීය. ඉන්දියාව, දකුණු කොරියාව, උතුරු කොරියාව ද මේ සඳහා ඉදිරිපත්ව සිටියි. ඔවුන්ට අමතරව ඔස්ට්‍රේලියාව සහ රුසියාව ද තරගාවලිය ලබා ගැනීමේ වූ වෙන්දේසියට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටී.

0 Comments