Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාරවිල ගංජා තවානක් වටලා ප්‍රධාන සැකකරු දැලේ

ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමූහ, මිහිර විජේසේකර මාරවිල සමූහ

මල් වැවීමේ මුවාවෙන් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ගංජා තවානක් වැටලීමට මාරවිල පොලිසියේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් ඊයේ(25) පස්වරුවේ සමත් වී තිබේ.

මාරවිල පනන්ගොඩ ප්‍රදේශයේ මේ ගංජා හේන පවත්වාගෙන ගොස් ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාරවිල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි මේ වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ ප්‍රධාන සැකකරු මේ ස්ථානයේ සිට තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මල් වවන ආකාරයෙන් කලු රෙදි වටකොට පෝච්චි තුළ මේ ගංජා පැළ සිටවා තිබීමයි. මේ සඳහා පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය ද යොදා ගෙන තිබූ අතර කිසියම් පිරිසක් මේ ස්ථානයේ සිටම ගංජා පානය කිරීම සඳහා යොදා ගත් උපකරණයක් ද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරු මල් වැවීම සඳහා යයි පවසමින් මේ ඉඩම හා නිවස කුලී පදනම මත ලබා ගෙන තිබෙන අතර ඒ මීට මාස දෙකකට පමණ ඉහතදීය. මේ ගංජා පැළ අවස්ථා කීපයක දී සිටවා ඇති අතර ඇතැම් ගස් අඩි පහක් පමණ දක්වා වැවී තිබිණි.

මෙවැනි ආකාරයේ ගංජා හේනක් වැටලූ ප්‍රථම අවස්ථාව මෙය බව මාරවිල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතා පැවැසීය.

ගංජා පැළ විනාශ කිරීමට පොලිසිය පියවර ගත්තේය.

සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මාරවිල පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුදේශ්, පොලිස් කොස්තාපල්වරුන් වන සුජීව, පුෂ්පකුමාර, කුමාර, සුමේද යන නිලධාරීන් මේ වැටලීම සිදු කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();