Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලීසිය හමුවේ නැවියෝ පරදිති

ෆවුස් මොහොමඩ්

ෆිජී ක්‍රීඩක එමෝසි වුනිවෝසාගේ විශිෂ්ට උත්සාහක දිනුම් ද්විත්වයත් සමග තරගය පුරා උත්සාහක දිනුම් 5ක් තැබූ පොලිස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතා සුපිරි වටයේ තරගයෙන් ලකුණු 34-30කින් නාවික හමුදා ක්‍රීඩා සමාජය පරාජය කිරීමට සමත්විය.

පොලිස් පිටියේදී පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-18ක් ලෙස පෙරමුණ ගත් පොලිස් ක්‍රීඩකයන් තරගය නිමා කළේ ගෝල් 3ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් සමගිනි. නැවියන්ට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් පමණි.

පොලිස් කණ්ඩායම වෙනුවෙන් වුනිවෝසා උත්සාහක දිනුම් 2ක් තබද්දී ජනිත් චන්දිමාල්, ඉරෝෂන් සිල්වා සහ සචිත් සිල්වා එක් උත්සාහක දිනුම බැගින් තැබීමට සමත්වූහ. සචිත් සිල්වා උත්සාහක දිනුම් දෙකක් ගෝල බවට පත් කළ අතර ජනිත් චන්දිමාල් එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ අතර දඬුවම් පහර ද සාර්ථක කරගත්තේය.

නාවික හමුදා පිල වෙනුවෙන් රිචී ධර්මපාල, නිරෝෂ් සිල්වා, ගිහාන් පෙරේරා සහ ස්ටීවන් ග්‍රෙගරි උත්සාහක දිනුම් වාර්තා කළහ. චතුර සෙනෙවිරත්න උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කරගත්තේය.

මහනුවරට ජය

මේ අතර කුසලානය සඳහා වන සුපිරි වටය යටතේ පෙරේදා පස්වරුවේ නිත්තවෙල පිටියේ පැවැති තරගයෙන් සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 31-13ක ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්විය. මහනුවර පිල ගෝල් 4ක් සහ දඬුවම් පහරක් එල්ල කළ අතර සී.එච්.පිල රැස් කළේ ගෝලයක්, දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් පමණි.

තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 6-3කින් පෙරමුණ ගැනීමට සී.එච්.පිල සමත්වූවත් දෙවැනි භාගයේදී නයිජල් රත්වත්තගේ උත්සාහක දිනුම් ද්විත්වයත්, අනුරුද්ධ විල්වරගේ සහ තිළිණ විජේසිංහගේ උත්සාහක දිනුම් මතින් සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට මහනුවර පිලට හැකිවිය. තිළිණ විජේසිංහ උත්සාහක දිනුම් 4ම ගෝල බවට පත් කරමින් ද, දඬුවම් පහරක් සාර්ථක කරමින් ද සිය කණ්ඩායමට අනගි දායකත්වයක් ලබා දුන්නේය.

සී.එච්.පිල වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිනුමට හිමිකම් කී සැමුවෙල් මධුවන්ත එය ගෝලයක් බවට පත් කළ අතර දඬුවම් පහරත්, ඩ්‍රොප් ගෝලයත් සාර්ථක කරගත්තේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();