Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්මන්පිල ව්‍යවස්ථාදායක සභාවේ රෙදි ගලවයි

නීතිපති, පොලිස්පති, විගණකාධිපති වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ
අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ද පත් කරන්නේ ව්‍යවස්ථාදායක
සභාවෙන්. ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහිව දේශපාලනික අරමුණු සහිතව
කටයුතු කරන බවට ප්‍රබල චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාව කරන අය
අතරේ ජනාධිපති සහ විපක්ෂ නායක ද සිටීම විශේෂයි. ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 41උ(3) වගන්තිය අනුව ව්‍යවස්ථාදායක සභාව තමන් උසස්වීම්
ලබා දෙන ආකාරය පිළිබඳ රීති සකසා ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතුයි. ඒ
වගේම මාස තුනක් ඇතුලත ඒ රීති පාරලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.
ව්‍යවස්ථාදායක සභාව ඒ දේ නොකළ නිසා ජේෂ්ඨත්වය නොසලකා දේශපාලන
අරමුණු වෙනුවෙන් පත්වීම් ලබා දෙන බවට වූ ප්‍රබල චෝදනාවක් තිබෙනවා.
ආණ්ඩුවට පක්ෂපාති නැති විනිසුරුවරුන්ට උසස්වීම් ලබා නොදෙන බවට
විශ්වාසයක් තිබෙන විට විනිසුරුවරුන් ස්වාධීනව කටයුතු කරන්නේ
කොහොමද ? පසුගිය සිකුරාදා රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්
ඇමතිවරයෙකුගේ මිත්‍රයෙකුට මහෙස්ත්‍රාත් ඇප දුන්නා. මොහු දීර්ග කාලයක්
පැවතුණු ගම්මිරිස් ජාවාර බීඩිකොළ ජාවාරම හා සම්බන්ධ පුද්ගලයෙක්. රේගු
ආඥාපණත අනුව මහේස්ත්‍රාත් වරයෙකුට ඔහුට ඇප ලබා දෙන්න බෑ. නමුත්
ඒ වරදට මහාධිකරණයට පවා ඇප ලබා දෙන්න පුළුවන් සුවිශේෂි හේතු
ඇත්නම් විතරයි. මහෙස්ත්‍රාත් මේක දන්නේ නැද්ද? නැතිනම් මේ
දේශපාලනික පුද්ගලයාට ඇප ලබා නොදුන්නොත් තමන්ගේ අනාගත උසස්වීම්
වලට බලපාවි කියා සිතුවා ද? ව්‍යවස්ථාදායක සභාවේ හැසිරීම අනුව එහෙම
හිතුවත් වරදක් නෑ.

ඉහත තත්වය මත ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක් දින කල් තැබීමේ
විවාදයක් ඉල්ලා 2019 ජනවාරි 23 දින මම කතානායකතුමාට යෝජනාවක්
භාර දුන්නා. ඒ යෝජනාව 21 වන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිතයි.
ඒ විවාදයේ සුවිශේෂත්වය වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිරදේශ ක්‍රියාත්මක
කරන ජනාධිපතිතුමාත් එම සභාවේ සාමාජිකයෙකු වන විපක්ෂ නායකතුමාත්
ව්‍යවස්ථාදායක සභාව පතුරු ගසමින් කතා කිරීමට නියමිතයි. මම දැන් ඒ
යෝජනාව ඔබට කියවන්නම්.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්
කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව විසින් ජේෂ්ඨත්වය නොසලකා
පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ද
පාරලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ද චෝදනා නගා ඇති බැවින් ද
නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත් කළ ආකාරය පිළිබඳ
සමාජයේ ප්‍රබල විවේචනයක් ඇති බැවින් ද ව්‍යවස්ථාදායක සභාව
විසින් ඉහළ තනතුරු වලට පත් කිරීමේ නිරණායක ප්‍රසිද්ධ කර
නොමැති බැවින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ(3) වගන්තිය
ප්‍රකාරව එකී ව්‍යවස්ථාදායක සභාව විසින් රීති සකසා ගැසට් මගින්
ප්‍රසිද්ධ කර පාරලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට මෙම
පාරලිමේන්තුව යෝජනා කරයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();