Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උනුත් එකයි.මුනුත් එකයි.දඹර අමිල හිමි සහ මහාචාර්ය සරත් විජේසූරිය FCIDයට.

amila-f

 

යහපාල ආණ්ඩුව යටතේ දඹර අමිල හිමියන්ට  ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000ක මාසික ඉන්ධන දීමනාව ලබා දුන් වවුචර් පතක් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී හදුනාගෙන ඇත.

සිවිල්  සමාජ සංවිධායකු වන මහාචාර්ය සරත් විජේසූරිය  සිය ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සව සඳහා යැයි කියමින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ලබා ගෙන ඇති බවද හෙළි වී ඇතැයි සඳහනන්වේ.

මේ අතර පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ  සහ ඔහුගේ බෑනා ඇතුළු කිහිපදෙනෙක් ද රාජ්‍ය ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳවද අල්ලස් කොමිසමේ විමර්ශනය කරමින් තිබේ.

දඹර අමිල හිමි සම්බන්ධ ගණුදෙනුව පිළිබඳ අධිකරණයේදී කරුණු අනාවරණ වී තිබුණේ එම සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත්  ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩු විභාගයේදීය. නඩු විභාගයේදී සිදුකරන ලද හරස් ප්‍රශ්න කිරීමේදී ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලකවරයා ලෙස කටයුතු කළ මුදිත හර්ෂජිත් තමානගම  විසින් පූජ්‍ය දඹර අමිල හිමියන්ට පසුගිය ජූලි මාසයේදී ගෙවා ඇති රු.95,000ක දීමනාව සහිත වවුචර් පත මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පූජ්‍ය දඹර අමිල හිමිට ඉන්ධන දීමනාව ලෙස රු. 95,000 බැගින් වාර 39 කදී ගෙවීම් සිදුකර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.

මේ වන විට එම වවුචර් පත් පිළිබඳ වෝහාරික විගණකවරයෙකුගේ පරික්ෂාවට යොමු කර ඇති බව සඳහන්. ඒ අනුව මේ වන විට මහින්ද රාජපක්ෂ පාර්ශවය ආණ්ඩු බලයක් සහිතව සිටින හෙයින් දඹර අමිල හිමියන්ගෙන් සහ මහාචාර්ය සරත් විජේසූරියගෙන් එම දීමනා ලබාගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය වෙත කැඳවීමට නියමිත බවද සදහන් වේ.

The post උනුත් එකයි.මුනුත් එකයි.දඹර අමිල හිමි සහ මහාචාර්ය සරත් විජේසූරිය FCIDයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();