ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් තරු දෙකක්වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර කුසලානය වෙනුවෙන් කොළඹ නාලන්දා - මහනුවර ත්‍රිත්ව විදුහල් අතර දෙදින ක්‍රිකට් තරගය මේ මස 28 හා 29 දිනවල නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 1978 සිට වසර 40 පුරා අඛණ්ඩව මෙම වාර්ෂික ක්‍රිකට් තරගය පැවැත්වුවද මේ වසරේ සිට මහේල - සංගා කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙස මෙවර සංවිධානය වේ.
තරගයේ සංවිධානය නාලන්දා 88 කණ්ඩායම සමග නාලන්දා ආදි ශිෂ්‍ය සංගමය ඉටු කරන අතර විදුහල්පතිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව තිබේ. මහේල - සංගා දෙදෙනා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියේ උපරිම දස්කම් දැක්වූ අතර ක්‍රීඩාවෙන් සමුගත් පසුව ලබාදුන් ආදර්ශය අනාගත පරපුර වෙත ගෙන යාම හා රටට කළ සේවාව ඇගැයීම වෙනුවෙන් සංගා - මහේල අභියෝගතා කුසලානය ලෙස නම් කළ බව සංවිධායකයෝ පවසති.
0 Comments