Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතාව මහ ඉහළින් ඇරැඹෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සපයන්නා වන ඩයලොග් ආසිආටා පී එල් සී, ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සමග එක්ව සංවිධාන කරන ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතාව ගම්පහ, රත්නාවලී බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ඊයේ ආරම්භ විය. මෙහි මූලික වටයේ තරග මේ 31 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවන වටය දෙසැම්බර් 4 සිට 6 වැනිදා දක්වා බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ ජාතික නෙට්බෝල් ශූරතාව සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් ඉදිරිපත්ව සිටී. සෑම තරගයක්ම පැයක කාලයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය කටයුතු යොදා ඇත. එමගින් මෙරට ක්‍රීඩිකාවන්ගේ තරගකාරීත්වය සහ අන්තර්ජාතික ක්‍රීඩා තරග වලදී ඔවුන්ගේ ශරීර යෝග්‍යතාව හා දරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

මෙයට පෙර ජාතික මට්ටමේ තරග මිනිත්තු 20 ක කාලයක් පුරා පැවැතියද, ජාත්‍යන්තර නෙට්බෝල් තරග පැයක කාල සීමාවක පැවැත්වෙන බැවින් මෙරට ක්‍රීඩිකාවන් පැයක කාලයක් ක්‍රීඩාංගණය තුල ක්‍රීඩා කිරීම වැදගත් බව නෙට්බෝල් සම්මේලනයේ මතයවී ඇත. මෙමගින් ජාත්‍යන්තර තරගයක් සඳහා අවශ්‍ය යෝග්‍යතාවයකින් යුතු ක්‍රීඩිකාවන් හඳුනාගෙන ජාතික සංචිතයට ඇතුල් කර ගැනීමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මිය පැවසුවාය.

ජාතික නෙට්බෝල් ශූරතාව වෙනුවෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය මේ බව සඳහන් කළාය.

“ඩයලොග් ආයතනය නෙට්බෝල් අනුග්‍රහයට ඉදිරිපත්වීම පිළිබඳ අපගේ ගෞරවය එම ආයතනයට හිමි වෙනවා. මේ සදහා ක්‍රීඩා ඇමැතිතුමා අපට විශාල ලෙස සහය වුණා. අප දැන් ආසියාවේ ශූරියෝ. අප ඉදිරියේදී ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම සිටින කණ්ඩායම් 10ට අභියෝගයක් වන ලෙස ජාතික සංචිත ක්‍රීඩිකාවන්ගේ ශිල්පීය දක්ෂතා හා ස්ථායී මට්ටම ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා මේ ජාතික නෙට්බෝල් ශූරතාවලිය වැදගත් වෙනවා” නානායක්කාර මහත්මිය පැවැසූවාය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();