Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්වීඩන් පාසල් විෂයට මී ටූ ව්‍යාපාරය

ස්වීඩනයේ පාසල් නිර්දේශයට #මී ටූ ව්‍යාපාරය ඇතුළත් කර ඇත. ඒ අනුව වයස අවුරුදු 15 සපුරණ සිසුන් සඳහා පැය දෙකක ලිංගික අතවරයන්ට එරෙහි ගෝලීය ව්‍යාපාරය පිළිබඳ අධයාපනයක් ලබා දෙනු ලබයි. මේ වන විටත් මී ටූ ව්‍යාපාරය පිළිබඳ යම් දැනුමක් ඔවුන් සතුව ඇති බවත් එය තමාට අදාළ කර ගැනීමේ දී ඊට මුහුණ දීමේ ගැටළුව ඔවුන් සතුව ඇති බවත පාසැල් ගුරුවරුන් පවසයි.

කෙසේ වුවත් කෙටි කාලයක් තුළ තව දුරටත් සමාන සමාජයක් පිළිබඳ වටහා ගැනීමට මෙය අවස්ථාවක් වනු ඇති බව එරට ජනතාව පවසයි.

‘මී ටූ ව්‍යාපාරය’ යනු මේ වෙද්දී අමෙරිකාවෙන් පටන්ගෙන ලෝකය පුරා පැතිර ගිය සමාජ මාධ්‍ය ප‍්‍රවණතාවයකි. ලිංගික බලහත්කාරයට ලක් කළ බව කාන්තාවන් විසින් සමාජ මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම‘මී ටූ ව්‍යාපාරය’ හරහා සිදුවෙයි. මෙහිදී ලිංගික බලහත්කාරය යන යෙදුම පාවිච්චි කරන්නේ ලිංගික අල්ලස් ඉල්ලා සිටීම, අතවරයට ලක් කිරීම, ලිංගික වශයෙන් පීඩාවට ලක්වෙන අන්දමේ ප‍්‍රකාශ සිදුකිරීම මෙන්ම දූෂණයට ලක්කිරීම දක්වා සිදුවීම් නියෝජනය කරනු සඳහාය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();