Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝටියකට අධික රන් බිස්කට් රේගු භාරයට

මුම්බායි සිට මෙරටට පැමිණි ගුවන් මගින් තිදෙනෙක් සතුව තිබී රත්රන් බිස්කට් 48ක් සොයාගැනීමට කටුනායක රේගුව සමත්ව තිබේ.
 
අදාළ සැකකරු හරිත මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. රත්රත්වල බර ග්‍රෑම් 2,400කි.
 
ඒවායේ වටිනාකම එක්කෝටි දාහතර ලක්ෂයක් ලෙස ගණන් බලා ඇත. අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 48, 46 සහ 44 වියේ පසුවන්නන් වේ.
 
ව්‍යාපාරික කටයුතු සඳහා යන මුවාවෙන් මෙම රත්රන් තොගය නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබේ.
 
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත සිදු කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();