
ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සර්ව පාක්ෂික සමුළුව පිළිබඳ සිය පක්ෂයේ තීරණය දැනුම් දී තිබේ.
ජවිපෙ සිය ලිපියෙන් කියා සිටින්නේ, තවදුරටත් කතා කර කර සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. ව්‍යවස්ථානුකූලව කටයුතු කරමින් රට අස්ථාවර නොකර ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මන් තීන්දුවක් ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
The post කතා කර කර සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. ජවිපෙන් තීන්දුවක්. appeared first on Lanka News Column.

0 Comments