ත්‍රස්තවාදය මැඩපැවැත් වීමට උපරිමයෙන් කැප වන බවත් රටට අර්බුද ඇතිවීමට ඉඩ නොතබන බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරයි.
යුද්ධය හේතුවෙන් ආර්ථිකයට සිදුවන්නේ දැඩි බලපෑමක් සිදුවන බැවින් ජනතාවට බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි. ආරක්ෂක අංශ ත්‍රස්තවාදයට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වන බව, ප්‍රකාශ කළ ඉම්රාන් ඛාන් තමන් බලය ක්‍රියාත්මක කරන්නේ සමාජයේ යහපත වෙනුවෙන් පමණක් බව සඳහන් කරයි. යුද්ධයේ දී වැය වන්නේ මුදල් පමණක් නොවන බවත් මිල කළ හැකි රුධිරය ද ඒ අතර වන බවත් පවසන අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය පාකිස්තානයේ ඉදිරි ගමනට බාධාවක් වීමට තමන් කිසි සේත්ම ඉඩ නොදෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

0 Comments