මාධ්‍යවේදී කෂෝගි ඝාතනයට උපදෙස් දුන් බවට චෝදනා එල්ල වී ඇති සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ගේ ටියුනිසියානු සංචාරයට විරෝධය දක්වමින් එරට ජනතාව වීදි බැස ඇති බව වාර්තා වේ.
අරාබි රටවල් අතර සහයෝගය වර්ධනය කර ගැනීමේ අරමුණින් සල්මාන් කුමරු මෙලෙස ටියුනීසියාව පැමිණි අතර, ටියුනිස් අගනුවර සිවිල් සංවිධාන සහ මාධ්‍යවේදීන් රැසක් ඔහුගේ පැමිණීමට විරෝධය දක්වමින් මෙලෙස රැස්ව ඇති බව සඳහන්ය. සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කළ බවට සහ ජනතාවගේ හිමිකම් උල්ලංඝනය කරන බවට විරෝධය දක්වමින් මෙලෙස ටියුනිසියා ජනතාව එක්රැස්ව සිටිති.

0 Comments