Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොර්ටාසා දේශපාලනයට

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රාෆී මොර්ටාසා එරට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත. ලබන මස 30 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේදී වත්මන් වත්මන් රජය වන අවාමි ලීගයෙන් මැතිවරණයට ඉදිරිපත්වන වීමට ඔහුට අවස්ථාව හිමිවී තිබේ.

‘මට දේශපාලනය ගැන විශාල උනන්දුවක් තිබුණා. දැන් මට ඒ සඳහා අවස්ථාවක් ලැබී තිබෙනවා.’ ෆේස්බුක් වෙබ් අඩවියේ මොර්ටාසා එසේ සඳහන් කළේය.

ඔහු සිය ගම් පළාත වන නේරාලි දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතය. කෙසේ වෙතත් සිය ඡන්ද මෙහෙයුම බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියෙන් පසුව ආරම්භ කරන බව ඔහු කීවේය. එම තරගාවලිය දෙසැම්බර් 14 වැනිදා නිමාවට පත්වනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();