Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපි මුල සිටම ක්‍රීඩා කළේ සැලසුම් සහගතවයි

එංගලන්ත පිලේ නායක ජෝ රූට්

ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුල්ල ලෙස නායක සුරංග ලක්මාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමත් සමග තරග 3-0ක ඓතිහාසික ටෙස්ට් තරගමාලා ජයක් වාර්තා කරමින් එංගලන්ත කණ්ඩායම වසර 55කට පසුව විදෙස් රටකදී ටෙස්ට් තරගමාලාවක් පූර්ණ ලෙස ජයගැනීම කිසිදා අමතක නොවන බව එංගලන්ත පිලේ නායක ජෝ රූට් ප්‍රකාශ කරයි.

එස්.එස්.සී.පිටියේ පැවැති තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වු එංගලන්ත පිලේ නායකයා මේ බව කියා සිටියේය.

‘අපි ආරම්භයේ සිට අවසානය දක්වා හොඳින් සැලසුම් කළා. අනික අපිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැනත්, ශ්‍රී ලංකාවේ තණතීරු ගැනත් හොඳින් දන්නා හිටපු පුහුණුකරුවන් වන ට්‍රෙවර්ගෙත් (බේලිස්), ෆාර්බිගෙත් (පෝල් ෆාබ්‍රේස්) අත්දැකීම් ඉවහල් වුණා.’ රූට් කියා සිටියේ ශ්‍රී ලංකා භූමියේදී විදෙස් කණ්ඩායමක් ලැබූ තුන්වැනි පූර්ණ ටෙස්ට් තරගාමාල ජයග්‍රහණය වාර්තා කිරීමේ උද්දාමයෙන් යුතුවය.

‘මේක තනිකරම කණ්ඩායමේ සාමුහික ජයග්‍රහණයක්. අපේ ක්‍රීඩකයන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ තත්ත්වයට හුරුවුණා. හැම අතින්ම අපි සතුටට පත්වුණු තරගාවලියක්. තරගාවලිය පුරාම අපේ පන්දු රැකීම ඉහළ තත්ත්වයකයි තිබුණේ. කඩුල්ල අසළ සිට පන්දු රැකීම විශිෂ්ට අයුරින් සිදුවුණා. කීටන් ජෙනිංග්ස් එය හොඳින් ඉටුකළා. ඊළඟට ස්ලිප් හී පන්දු රැකීමේ නිරතවුණු බෙන් ස්ටෝක්ස් ඉතා විශිෂ්ට උඩපන්දු රැකගත්තා.’ එංගලන්ත පිලේ නායකයා කීවේය.

මුයින් අලිට සහ ආදිල් රෂීඩ්ට අමතරව කණ්ඩායමට එක්වූ තුන්වැනි දඟපන්දු යවන්නා වූ ජැක් ලීච් සහ කඩුලු රැකීමේ නිරතවූ කෝඩුකාර ක්‍රීඩක බෙන් ෆෝක්ස් එංගලන්ත පිලේ ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් බව රූට් සඳහන් කළේය.

‘මට මෙතැන ඉඳගෙන ජයග්‍රහණය වෙනුවෙන් ලැබෙන පැසසුම් සියල්ල සතුටින් පිළිගැනීම ඉතා ලෙහෙසි දෙයක්. ඒත් කණ්ඩායමේ හැම ක්‍රීඩකයකුම විශිෂ්ට දායකත්වයක් ලබා නොදුන්නා නම් අපිට මේ වගේ ජයග්‍රහණයක් අත්කර ගන්න බැරිවෙන්න තිබුණා.’ ජෝ රූට් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();