
හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 60ක් සමඟ සැකකරුවෙක් මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියා පාර, ජය මාවතට හැරෙන මංසන්ධියේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පැවසේ.
මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් බෑගයේ තිබී මෙම හෙරොයින් සොයා ගෙන ඇති බවත් අත්අඩංගුවට පත් සැකකරු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවත් සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 51 ක්වු කඩොල්කැලේ, මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර සැකකරු අද(07) දිනයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එමෙන්ම අත්අඩංගුවට පත් හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් මිලියන 20 කට අධික බව පොලීසිය සඳහන් කර තිබේ.
The post මිලියන 20කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.

0 Comments