Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉරාකයෙන් සමූහ මිනීවලවල් 200ක්

ඉරාකයේ ප්‍රදේශ කිහිපයකින් සමූහ මිනීවලවල් 200කට වැඩි ප්‍රමාණයක් හමුව ඇතැයි ඒක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. ඒම ප්‍රදේශ අයිඑස් ත්‍රස්ත සංවිධානය යටතේ තිබී මුදා ගත් ප්‍රදේශ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
ඉරාකයේ උතුරු හා බටහිර නියින්වේ, කිර්කුක්, සලහුදීන් සහ අන්බාර් යන ප්‍රදේශවල තිබී මෙම මිනීවලවල් සොයාගෙන තිබේ. 
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති වාර්තාවේ සදහන් කර ඇත්තේ මෙම සමූහ මිනීවලවල්වල මල සිරුරු 12,000ක‌ට වැඩි ප්‍රමාණයක් ඇති බවය.   
 
2014 වසරේ දී අයි එස් සංවිධානය, ඉරාකයේ කොටසක බලය සියතට ගනිමින් ම්ලේච්ඡ පාලයනක් ගෙන ගියේය. ඔවුන්ට විරුද්ධ වන පිරිස ඝාතනය කෙරුණි.
 
අමෙරිකාව ප්‍රමුඛ ඉරාක රජයේ හමුදා එක්ව සිදු කරන ලද මෙහෙයුම්වලින් මේවන විට ඉරාකයෙන් අයිඑස් ත්‍රස්ත සංවිධානය ඉවත් කර තිබේ.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();