මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුනු සූර්යාභිෂේකය 2018 – මහනගරේ මහ අවුරුදු සංස්කෘතික උළෙල ඊයේ(08) උදෑසන පටන් දවස පුරා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ආශ්‍රිතව මහත් උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.
සූර්යාභිෂේකය මහා නගරයේ මහා අවුරුදු උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහානගර ඇමති චම්පික රණවක නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතාන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(08) උදෑසන ටොරින්ටන් ක්‍රීඩාපිටියේදී ආරම්භ වූ අතර හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවයේ සාම්ප්‍රදායික අවුරුදු ජන ක්‍රීඩා මෙන්ම තවත් තර`ග රැසකින් සමන්විත විය.
දිවයිනේ නන් දෙසින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජන කොටස් විශාල සංඛ්‍යාවක් මෙම අවුරුදු උළෙල සඳහා සහභාගී වී සිටීම ද විශේෂත්වයකි.
එම දැවැන්ත අවුරුදු උත්සවයෙන් පසුව සූර්යාභිෂේකයේ මහා සංස්කෘතික මංගල්‍යය සංස්කෘතික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, නාවික හමුදාව, ශ්‍රී ලංකා යුධ හමුදාව, ජාතික තරුණ සේවා සභාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දායක්තවයෙන් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සංස්කෘතික ශිල්පීන් 1200 කගේ සහභාගීත්වයෙන් ගරු කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සවස 6.30ට නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. ඉන් අනතුරුව විචිත්‍රවත් මල්වෙඩි සන්දර්ශණයක්ද මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබූ අතර එය බොහෝ දෙනෙකුගේ ආකර්ශණය හිමිවූ අංගයක් විය.
රාත්‍රී අටට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය මහේෂ් දෙණිපිටියගේ සංගීතයෙන් සහ ගායන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් විය.
අභාවයට යමින් පවතින හෙළ සංස්කෘතිකාංග කෙරෙහි නාගරික ජනතාවගෙ සහ තරුණ පරම්පරාවේ අවධානය යොමු කිරීම, අවුරුදු සමයේදී පාළුවට යන කොළඹ අගනගරය උත්සවත්ශ්‍රීයෙන් යුතු මහනගරයක් බවට පත්කිරීම සහ සංචාරක ආකර්ශණය දිනා ගැනීම යන කරුණු ඉලක්ක කරගනිමින් සංවිධානය කල මෙම උළෙල එදා මෙදා තුර කොළඹ නගරයේ පැවති විචිත්‍රවත්ම සිංහල නව අවුරුදු සැමරුම් උත්සවය බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.
මියැසි ප්‍රසංගය මෙතැනින්,
සංස්කෘතික උළෙල මෙතනින්,











The post සූර්යාභිෂේකය 2018 මහා සංස්කෘතික උළෙල සාර්ථකව අවසන්…! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

0 Comments