ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් චීන සහ මෙක්සිකෝ විදේශ ඇමැතිවරුන් දුරකථන සාකච්ඡාවක නිරත වී ඇත. තජිකිස්ථානයේ සංචාරයක නිරත චීන විදේශ ඇමැති වං යී මෙක්සිකෝ විදේශ ඇමැති ලුවිස් විදගාරේ මහතා සමඟ මෙසේ සාකච්ඡා පවත්වා තිබේ.
මෑතකදී අත්සන් තැබූ අමෙරිකා - මෙක්සිකෝ - කැනඩා ත්‍රි පාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම පිළිබඳව මෙහිදී මෙක්සිකෝ විදේශ ඇමැතිවරයා විසින් චීන විදේශ ඇමැතිවරයා දැනුවත් කර ඇත.
ඔහු එහිදී පවසා ඇත්තේ ස්වාධීන රාජ්‍යයක් වන මෙක්සිකෝව අත්සන් තැබූ මේ ගිවිසුමෙන් චීන-මෙක්සිකෝ හුවමාරු හෝ ද්විපාර්ශ්වික වෙළෙඳාමට හෝ ආයෝජනයන්ට හෝ දේශපාලන සබඳතාවන්ට කිසිදු බලපෑමක් නොමැති බවයි.
චීනය මෙක්සිකෝවේ විශ්වාසදායී පාර්ශ්වකරුවෙකු බව පැවසූ ඔහු ද්විපාර්ශ්වීය විස්තිර්ණ උපක්‍රමීය හවුල්කාරිත්වය තවදුරටත් සංවර්ධනය කිරීමට කැමති බව ද පැවසීය.
එහිදී චීන විදේශ ඇමැති වං යී මහතා පැවසුවේ චීනය හා මෙක්සිකෝව විස්තීර්ණ උපක්‍රමීය හවුල්කරුවන් වන අතර සෑමවිටම අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය සමඟ ප්‍රධාන ගැටලුවලදී සහයෝගයෙන් කටයුතු කළ බවයි.
ඕනෑම ද්විපාර්ශ්වීය හෝ බහුපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුමක් තුන්වැනි පාර්ශ්වයක් ඉලක්ක නොකළ යුතු බවත්, අනෙකුත් සාමාජිකයන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම් හෝ අභිමතාර්ථයන්ට බාධා නොකළ යුතු බවත් චීන විදේශ ඇමැතිවරයා අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නැගී එන ආර්ථික දෙකක් වන චීනය හා මෙක්සිකෝව බහුපාර්ශ්වවාදය හා නිදහස් වෙළෙඳ ක්‍රමය ආරක්ෂා කරමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.

0 Comments