ඉන්දියාවේ ඩීසල් පරිභෝජනය සැලකිය යුතු අන්දමින් පහත වැටී ඇති බව එරට රජය පවසයි. එහෙත් පෙට්‍රල් අලෙවිය ඉහළ ගොස් ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
මේ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසයේ ඉන්ධන ඉල්ලුම 1.1%කින් අඩු වී ඇති අතර ද්‍රවීකාරක ඛනිජ ගෑස් සහ ජෙට් යානා සඳහා යොදාගන්නා ඉන්ධනවල අලෙවිය ඉහළ ගොස් තිබේ.
පසුගිය මාසයේ ඉන්දියාවේ ඉන්ධන පරිභෝජනය ටොන් මිලියන 16.54ක් වූ අතර එය අගෝස්තු මාසය හා සැලකීමේදී සියයට 1.3ක පහත වැටීමක් ලෙස එරට වාර්තා කරයි.
ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් වන ඉන්දියාවේ ඉන්ධන පරිභෝජනය ලොව සමස්ත ඉන්ධන ඉල්ලුමෙන් සැලකිය යුතු ප්‍රමාණයකි. මේ තත්ත්වය ඉන්දීය නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපානු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

0 Comments