පැතිකුදය (scoliosis) සඳහා සිදු කළ සැත්කම හේතුවෙන් ඇති වූ කැළල පෙනෙන පරිදි සිය මංගල ඇඳුම සකස් කිරීමට උපදෙස් දුන්නේ පසුගියදා විවාහ වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ මිනිපිරිය වන යූජින්කුමරිය බව රාජකීය පවුල නිවේදනය කරයි. එම කැළල පෙනෙන ලෙස වේලයක් පැළඳීමෙන් වැළකී සිටීමට ද ඇය කටයුතු කළාය.
වයස අවුරුදු 12 දී මේ සැත්කමට මුහුණ දුන් බව පැවසූ යූජින් කුමරිය එය තම මංගල දිනයේ දී දැක ගත හැකි බව අයි.ටී. වී චැනලය වෙත ප්‍රකාශ කර තිබුණි. එමගින් පැතිකුදය රෝගයට ලක් වී සිටින තරුණ තරුණියන්ට අදාළ සැත්කම සඳහා මුහුණ දීමට ශක්තියක් වනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය.
පැය අටක සැත්කමක් සඳහා තමා මුහුණ දුන් බව පැවසූ ඇය අඟල් අටක ටයිටේනියම් කූරක් සිය කොඳු ඇට පෙළේ සෑම පැත්තකටම ඇතුළු කළ බවත් අනාවරණය කළාය. එසේම අඟල් එක හමාරක ඇණ සිය බෙල්ල මුදුනට ඇතුළු කළ බව ද ඇය සඳහන් කළාය.
මේ සැත්කමෙන් පසු යූජින් කුමරිය දින තුනක් දැඩි සත්කාර ඒකකයේ ද, එක් සතියක් සාමාන්‍ය වාට්ටුවේ ද ගත කර ඇති අතර දින හයක් රෝද පුටුවේ ගත කර ඇත. මේ සියල්ලෙන් පසු නැවතත් තමන් ඇවිදින බව ඇය මෙහිදී සතුටින් ප්‍රකාශ කර තිබේ.

0 Comments