වඩාත් විවෘත හා ප්‍රායෝගික සහයෝගීතාවක් සඳහා චීනය හා නෙදර්ලන්තය එකඟතාව පළ කරයි.
නෙදර්ලන්තයේ නිල සංචාරයක නිරත චීන අග්‍රාමාත්‍ය ලී කෙ ක්වැන්ග් සහ එරට අග්‍රාමාත්‍ය මාර්ක් රූට් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව මේ එකඟතාවයට පැමිණ තිබේ.
එහිදී චීන අගමැතිවරයා ද්වීපාර්ශ්වික සම්බන්ධතාව අගය කරමින් කියා සිටියේ අස්ථාවර හා සංකීර්ණ වත්මන් ජාත්‍යන්තර තත්ත්වය යටතේ චීනය හා නෙදර්ලන්තය වඩාත් විවෘත හා ප්‍රායෝගික සහයෝගතා පැවැත්වීම මගින් රෙගුලාසි පදනම් වන ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කිරීමට සක්‍රිය සංඥාවක් නිකුත් කරන බවයි. එමෙන්ම නෙදර්ලන්තය සමඟ එක්ව බහුපාර්ශ්වාදය හා නිදහස් වෙළෙඳාම ආරක්ෂා කිරීමට ද චීනය කැමති බව ඔහු පැවසීය.
චීනය තවදුරටත් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කරනු ඇත. ඉදිරියේදී නෙදර්ලන්තය සමඟ පූර්ණ සහයෝගිතාවක් පවත්වාගෙන යාමටත් නෙදර්ලන්ත ව්‍යවසායන් චීනයේ ආයෝජනය කිරීම වඩාත් පුළුල් කිරීමටත් චීනය බලාපොරොත්තු වන බව චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. රෙගුලාසි පදනම් වන බහුපාර්ශ්වාදය හා නිදහස් වෙළෙඳ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමති බව පැවසූ නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා චීනය සමඟ පවතින සබඳතාව නෙදර්ලන්තය වැදගත් කොට සලකන බවත් විවිධ ක්ෂේත්‍රවල ද්වීපාර්ශ්වික සහයෝගතා වඩාත් ඉදිරියට ගෙන යාමට නෙදර්ලන්තය සූදානම් බවත් පැවසීය.

0 Comments