Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජ පවුලට එක්වන නවතම සාමාජිකයාට දැන් සිටම තෑගි

ලබන වසරේ දී බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වන නවතම සාමාජිකයා වෙනුවෙන් පළමු ත්‍යාගය හිමි වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේදීය. ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරල් පීටර් කොස්ග්‍රෝව් යුවළ විසින් මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත හැරී-මේගන් යුවළ වෙත මේ ත්‍යාගය පිරිනමා ඇත.

ඒ අනුව ලබන වසරේ උපදින කුමරු හෝ කුමරිය වෙනුවෙන් රාජකීය යුවළ ලද ප්‍රථම ත්‍යාගය වන්නේ සැහැල්ලු කැන්ගරුවකු හා බූට් සපත්තු ජෝඩුවකි.

මේගන් දරුවකු පිළිසිඳ ඇති බව කෙන්සිංන්ග්ටන් මාලිගය නිවේදනය කළේ හැරී මේගන් යුවළ ඕස්ට්‍රේලියානු සංචාරයක ආරම්භ කළ දිනයේ පස්වරුවේදීය. එම නිසා සංචාරය තුළ සිදු වන පිළිගැනීම් වඩාත් උණුසුම් බව වාර්තා වේ. විශේෂයෙන් හැරී මේගන් යුවළ එම පුවතින් වඩාත් සතුටට පත්ව සිටින බව ඔවුන් වෙත සුබ පතන පිරිස් වෙත බව පවසා තිබේ.

ඔවුන් ‍පිළිගැනීමට මඟ දෙපස රැස් වූ පිරිස් වෙත මේගන් පවසා තිබුණේ මීළඟ ඕස්ට්‍රේලියානු සංචාරයට තමන්ගේ සිඟිත්තාද එක්වනු ඇති බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();