වැඩ තහනමට ලක් කෙරුණු තෙඹුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඊයේ අදාළ පොලිස් නිලධාරියා යළි සේවයේ පිහිටුවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර ඇත.
සිය බාරයට ගත් වැලි ලොරියක් තෙඹුවන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීමට ගත් බව පවසමින් මෙම පොලිස් සැරයන්වරයා පසුගිය 03 වනදා සිය රාජකාරී ගිනි අවියද රැගෙන තෙඹුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණි. එහිදී අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගත් අතර ඔහු වැඩ තහනමට ලක් කිරීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේය.
මේ අතර සේවය අත්හිටුවීම හේතුවෙන් දුෂ්කරතාවට පත් වූ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන ට ඊයේ ජනාධිපතිවරයා විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදී තිබුණි.
The post තෙබුවන වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්වරයා යළි රාජකාරියට. appeared first on Lanka News Column.


0 Comments