ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාව, අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී ආරම්භ කර ඇත. එහි අංකය 1926 වන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග ඒකාබද්ධව මෙම උපකාරක සේවාව නොමිලේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව රජය සඳහන් කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ පැවැති උත්සවයක දී උපකාරක සේවාව ආරම්භ කර ඇත. මෙම රෝහල ඉදිකර ඇත්තේ 1926 වසරේදීවන අතර එම වර්ෂයම උපකාරක සේවාවේ දුරකථන අංකය ලෙස යොදාගෙන ඇත.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ වෙමින් මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකිය. ඉන්පසු ප්‍රතිකාර සේවාව සඳහා යෙදවීමට පියවර ගනු ලැබේ.
The post ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇරඹෙයි. appeared first on Lanka News Column.


0 Comments