Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රි ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය අවධාරණය කරයි


ශ්‍රි ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
බ්‍රිතාන්‍ය අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අවධාරණය කෙරුණා.
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින තත්වය දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරන බවයි එරට විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා කියාසිටියේ.
කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී හියුගෝ ස්වයර් මහතා කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් විදේශ ලේකම්වරයා මේ බව සඳහන් කලා.
ස්වයර් මහතා පෙන්වාදුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය හමුවේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අර්බුදකාරී වාතාවරණයක් පැණනැගී ඇති බවයි.
එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව විසින් තවදුරටත් නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගනු ලබන්නේ වික්‍රමසිංහ මහතා බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා අවධාරණය කලේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිය අවධානය යොමුකර ඇතැයිද විදේශ ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කලා.




from Gossip Lanka News & Video https://ift.tt/2SuPsJT
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();