
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති තනතුරට පත්කිරීම පිළි නොගන්නා බවත් එම පත් කිරීම නීතිවිරෝධී බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්රකාශ කර තිබේ.
ඔහු මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූණටම පවසා ඇති බවත් අගමැති කාර්යාලයට පැමිණීම ද ප්රතික්ෂේප කර ඇති බවත් පැවසේ. ඒ අනුව විපක්ෂ නායකවරයා, මහින්ද රාජපක්ෂ හමුවීමට ගොස් ඇත්තේ ඔහුගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසටයි.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ “ඔබතුමා පත්කළ ක්රියාවලිය අණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනියි, ඒ විතරක් නෙවෙයි නීතිවිරෝධීයි, ප්රජාතන්ත්රවිරෝධීයි’ යනුවෙනි.
The post මහින්දගේ පත්වීම නීතිවිරෝධීයි – සම්බන්ධන්. appeared first on Lanka News Column.

0 Comments