Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජොන්ස්ටන් නිදහස්.

Jonston_Fernando

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර ඇති බව වාර්ථා වේ. අදාළ නඩුව අද(17) කැදවූ අවස්ථාවේ මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

2008 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාලව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තකරුවන් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර ඔවුන් මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියහ.

අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවයේ දුර්වල හා පරස්පර සාක්ෂි හේතුවෙන් විත්තිකරුවන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියම කළ බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත සඳහන් කර ඇත.

The post ජොන්ස්ටන් නිදහස්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();