Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජන රැළියට මැර ප්‍රහාරයක්.

India_01

ඉන්දියාවට සමාජ පරිවර්තනයක් අවශ්‍යය බව නොබියව පවසමින් ලක්ෂ සංඛායත ජනතාව රැස් කරන වාමාංශික තරුණ නායක  කන්හයියා කුමාර් සහභාගි වූ ජන රැළියකට ඊයේ මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. ධනවාදයට එරෙහිව කන්හයියා නගන උද්වේගකර හඩ හමුවේ ඉන්දියානු ලිබරල්වාදීන් හා ආගමික අන්තවාදීන් බියෙන් සලිත වී ඇති බව පැවසේ.

එම ජන රැළියේදී අදහස් දැක්වූ වාමාංශික තරුණ නායක කන්හයියා කුමාර්,

“ආදරණීය සහෝදරයා,සහෝදරිය අද වන විට ඉන්දියානු ජනතාවගේ ජන ජීවිතය ඉතාම ඛේදනීය ඉරණමකට පත් වී තිබෙනවා.මිලියන ගනණක් වූ ගොවි සහෝදර ජනතාවක් සිය අස්වැන්නට නිසි මිළක් නොමැතිව සිය දිවි නසාගන්නා තැනකට පත් වෙලා.අනෙක් පසෙකින් රටේ අධ්‍යාපනය, ලක්ෂ සංඛායත තරුණ තරුණියන් අධ්‍යාපනයට මුදල් නොමැති කමින් අසරණ වෙලා.ඉගෙනගත්තාත් ජීවත් වීමට සරිලන වැටුපක් නැතිව අසහනයට පත් වෙලා.ලක්ෂ ගණන් වූ පවුල් නිවාස නොමැතිව දුක් විදිමින් මේ ගෙවන ආර්ථික ක්‍රමය ඔබට තවදුරටත් හොඳයි ද?කියා අප ඔය සහෝදරවරුන්ගෙන් ප්‍රශ්න කරනවා. අපි ඉල්ලා සිටින්නෙ මොනවාද ? දරුවන්ට නිදහස් අධ්‍යාපනය, කාර්‍ය්ක්ෂම ගුණාත්මක නිදහස් රෝහල් සේවාවක්, සියලුම ඉන්දියානුවන්ට සතුටින් ජීවත් විය හැකි සාධාරණ සමාජයක්.කවුරුන් හෝ කියනවා ඉන්දියාව එදා නිදහස් අරගලයකින් සැබෑ නිදහසක් ලැබූවා කියා ඒක ගැන දෙවරක් සිතා බැලිය යුතුයි.ඇත්තටම ඉන්දියානු ජනතාවට සැපවත් ජීවිතයක් දෙන්න මේ ලිබරල් පාලනයට බැහැ.ඔවුන් බොහෝම උපක්‍රමශීලීව ඉන්දියානු ජාතිකවාදය.ආගම්වාදී අදහස් ජනතාව තුළ ට කාවද්දා ජනතාව අපා දුක් විදිද්දී කෙසේ හෝ බලයේ ඉන්න වලි කන කපටියෝ රැළක්.අපි සහෝදරවරුන්ට කියනවා,තම තමන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙරට එන්න කියලා.අපි හැමෝම එකට එකතු වෙමු! ඉන්දියානු ජනතාවට ජයවේවා! යැයි පැවසීය.

India

India_02 India_03

The post ජන රැළියට මැර ප්‍රහාරයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();