2020 මේ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න ජනාධිපති අගමැති නෙවෙයි ආණ්ඩුවත් පත් කර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 488 ක මුදලක් වැය කරමින් ඉදි කළ කුරුවිට එරත්නාගොඩ පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය,
අපි ආරම්භ කරන ව්‍යාපෘති මුල්ගලට පමණක් සීමා කරලා නැහැ. අපි ජනප්‍රියතාවය පසුපස යන ආණ්ඩුවක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා දෙවතාවක් අපිට ඉදිරිපත් කරන්න ජනාධිපති අපේක්ෂකයෙක් නැතිව අපි දෙපාරක්ම වෙනත් අය ඉදිරිපත් කළා කියලා මේ ඊයේ පෙරේදා කියලා තියෙනවා. මට කියන්න තියෙන්නේ කොහොම හරි අපි තිබුණු ඒකාධිපති පාලනය අවසන් කළා. මොකද එදා විමල් වීරවංශ හිටපු ඇමතිවරයා කියලා තිබුණා අපිට දාන්න අපේක්ෂකයෙක් නැහැ කියලා. 2014 නොවැම්බර් 02 වැනිදා අම්පාරේදි මම කිවුවා. අපේ ජොකියා අපි වෙලාවට දානවා කියලා. මම අද මෙතනදි කියනවා 2020 මේ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න ජනාධිපති අගමැති නෙවෙයි ආණ්ඩුවත් පත් කර ගන්නවා කියන එක.ඒකට ගෝඨාභයලා කලබල වෙන්න ඕන නැහැ. ගෝඨාභයලා කරපු දේවල් මේ රටේ ජනතාව දන්නවා.
අද තවත් උත්සාහ කරනවා පවුල්වාදය ආරක්ෂා කර ගෙන පාලනය අර ගෙන යන්න අපිට එහෙම වුවමනා නැහැ. අපි මුදල් හම්බ කරන්න බලය පවත්වා ගෙන යන්න ඇවිල්ලා නැහැ අපි පවුල් වාදය ආරක්ෂා කරන්න ඇවිත් නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ අපි හැමදාම මේ රටේ සංවර්ධනයට වැඩ කළා. අපේ ජනාධිපතිතුමා ඇමතිකම් කිහිපයක හිටියා එතුමා මහවැලි සංවර්ධන ඇමති විදිහට ඉන්න කොට මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් ව්‍යාපෘතිය වන මොරගහකන්ද ඉදි කරන්න. එතුමාට ඇමතිකමේ ඉන්න කාලේ ඒක කරන්න දුන්නේ නැහැ. හැබැයි එතුමාට පුළුවන් වුණා මේ රටේ ජනාධිපති වෙලා මහවැලි ව්‍යාපාරයේ අවසන් ව්‍යාපෘතිය වන මොරගහකන්ද ඉදි කරලා අවසන් කරන්න. අද එදා වගේ නෙවෙයි අද අසාධාරණයක් වුණා නම් ඕනම අයෙකුට පුළුවන් අධිකරණයේ ගිහිල්ලා නඩු පවරන්න. ඒ නිදහස අපි අද ඇති කරලා තියෙනවා.අද වන විට රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර තිබෙනවා.අපේ රජයේ ඇමතිවරු විවිධ ව්‍යාපෘති දියත් කර තිබෙනවා. ඒ පිළිබදව කියන්න ගියොත් එළිවෙනකල් කියන්න පුළුවන්. 2015 ජනවාරි 08 වැනිදාට තිබුණාට වඩා තාමත් බඩු අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අඩුයි.
අද මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතක වෙලා තියෙනවා එයා මුදල් ඇමති විදිහට වැඩ කරන කොට රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මොනවා ද කළේ. එදා වැඩි පොළියට ණය අර ගෙන ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළක් හැදුවා.නැව් එන්නේ නැති වරායක් හැදුවා. දැන් ඒ ඔක්කොම අපිට පටවලා අපි ඒවා කර ගෙන යන කොට අපිට කියනවා රට විකුණනවා කියලා. මේ රට විකුණුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා.අර ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා මුහුදේ අක්කර 534 ක් ගොඩ කරනවා මුහුදු නගරය හදන්න හැබැයි එයාගේ කාලයේ ඒක සින්නක්කරව චීනයට විකුණලා තිබුණා. ගාලු මුවදොර පිටිය ගාව අක්කර 20 ක් සින්නක්කරව චීනයට විකුණුවා. හැබැයි අපේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පුළුවන් වුණා අර සින්නක්කරව විකුණපු මුහුදු නගරය ආපසු ගන්න.අපි හම්බන්තොට විකුණුවාලු. හම්බන්තොට විකුණුවා නෙමෙයි බදු දුන්නා මේ රජයට ජනාධිපතිතුමාට අගමැතිතුමාට අවශ්‍යතාවයක් නැහැ බඩු බෙදලා දුප්පත්කම පවත්වා ගෙන ගිහිල්ලා මේ රටේ බලය තියා ගන්න.
කිසිම කෙනෙක්ට අද හිතෙන හිතෙන විදිහට ආණ්ඩු වට්ටන්න බැහැ. ආණ්ඩු වට්ටන්න පුළුවන් තමුන්නාන්සේලාගේ කතිරයට විතරයි. ඒ කතිරයට වටිනාකමක් දෙන්න. අපි හොද නැත්නම් හොදට කරන්න පුළුවන් කණ්ඩායමක් බලයට පත් කරන්න. හැබැයි පක්ෂයක් නැති බලය ලබා ගන්න විතරක් බොරුවට පවුල ආරක්ෂා කර ගන්න දගලන අය ගැන කල්පනාවෙන් වැඩ කරන්න යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.
The post 2020 ජනාධිපති අගමැති නෙවෙයි ආණ්ඩුවත් අපි පත්කර ගන්නවා – ඇමතිනිය කියයි. appeared first on Lanka News Column.


0 Comments