Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා පරාජයේ සුලමුල අද හෙළි වෙයිද?

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජයවීම සම්බන්ධ සුලමුල හෙලි කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අද සූදානම් වෙයි.

එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යෙදවීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර, ඒ පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ නියෝගයෙන් පත්කළ විශේෂ කමිටුව පසුගිය දිනවල සාක්ෂි විමසීම් කළේය.

මෙම පරාජය පිළිබඳ සර්බියානු ජාතික පුහුණුකරුගෙන් හා සහය පුහුණුකරුවන් ඇතුලු අදාළ වගකිව යුතු පාර්ශවවලින් කරුණු විමසා ඇති අතර එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කරන බව වොලිබෝල් සම්මේලනය සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා වොලිබෝල් පිලේ සර්බියානු ජාතික පුහුණුකරු ඩේජෑන් වුල්සෙවික් මහතා මේ දිනවල විදෙස්ගතව සිටින අතර ඔහු වසරක කොන්ත්‍රාත් කාලයකට ශ්‍රී ලංකා පිල පුහුණු කළේය. එයින් දැනට මාස 7ක කාලයක් ගෙවී ගොස් ඇත.විමර්ශන කමිටුවේ සභාපති ප්‍රියන්ත ජයකොඩි, ලේකම් සුසිල් රණසිංහ හා කමිටු සාමාජිකයන් ලෙස සී. කේ. රත්නමුදලි, රංජිත් ප්‍රේමරත්න හා ධනපාල ජයපත්ම යන මහත්වරු කටයුතු කළහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();