Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ජනපතිගේ චෝදනාවකට ඇමැති රාජිතගෙන් පිළිතුරු.

Minister_Rajitha_15

පසුගිය රජයේ දුෂණ, වංචා සහ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ වරදකරුවන් නීතියේ ඉදිරියට ගෙන ඒම යහපාලන රජයේ වගකීමක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ “අරුණැල්ල” පදනම විසින් සංවිධානය කළ සුවපති ගාලු අභිෂේකය ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමිනි,
එහිදී  අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

මූල්‍ය අපරාධ කොට්ඨාසය පාලනය කරන්නේ, සැකකරුවන් හිරේ දාන්නේ, මමත්, චම්පිකත් කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරයේ දී ප්‍රකාශ කර තිබෙනවා. මිග් යානා ගනුදෙනුවේ දුෂිතයින්, මාධ්‍ය වේදීන් ඝාතනය කළ සහ පැහැරගත් පුද්ගලයින්, මාධ්‍ය ආයතනවලට ගිනි තැබූ පුද්ගලයින්, තාඡුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් ඇතුලු දුෂණ වංචා සිදු කළ පුද්ගලයින් නීතිය හමුවට ගෙනඒම යහ පාලන රජය ලබාදුන් පොරොන්දුවක්. ජනතාව අපෙන් අහන්නේ හොරුන්ට සහ මිනීමරුවන්ට මොකක් ද කළේ කියලා. පසුගිය රජයේ මේවාට සම්බන්ධ උපාසක මහත්වරු දැන් කෑගහනවා. එම නිසා ජනතාවට සාධාරණත්වය ඉෂ්ඨ කළ යුතුයි. මම කාටවත් ආසාධාරණයක් කිරිමටවත්, කවුරුවත් හිරේ දමන්න වත් කැමැති නැහැ. දෙබිඩි දේශපාලනයක් කරන්නෙත් නැහැ. පළිගන්නෙත් නැහැ. සියලු වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව අපි දෙතුන් දෙනෙක් ප්‍රකාශ කරනවා. එම නිසා අපි බැනුම් අහනවා. අපි කථා කරන්නේ යහපාලන රජය බිහි කිරීමේ දී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමයි. කවුරුවත් බැන්නට කමක් නැහැ. අපි අදාල පොරොන්දුව ඉටු කරනවා. යහපාලන රජය කරපු වැඩ ටික මැති ඇමැතිවරුන් හරියට ප්‍රකාශ කළ යුතුයි. ජනතාව දැනුවත් කළ යුතුයි. එහෙම කළොත් 2015 ට වඩා ඡන්ද ගන්න පුළුවන්. මම නැතිබැරි මිනිහා වෙනුවෙන් තමයි කථා කරන්නේ. නමුත් මාධ්‍ය කථා කරන්නේ නැහැ. විපක්ෂයේ ඉන්න කොට තමයි සුන්දර දේශපාලනයක් කරන්න පුළුවන්. ආණ්ඩු කරන විට කරපු වැඩ වලින් තමයි ඡන්ද ගන්න පුළුවන්.
තනි සිගරට්ටුව අලෙවි කිරිම තහනම් කිරීම සදහා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් ඒකටත් ප්‍රශ්න තිබෙනවා. සමහරු ජනතාවගේ සෞඛ්‍යයට වඩා දුම්කොලයට ආදරය කරනවා. මාධ්‍ය යහපාලන වැඩ වලට සහයෝගය ලබාදුන්නේ ඉතා මන්දගාමීවයි.
මෙහිදී සුවපතිට ගාලු දිසාවේ ජනතාවගේ හරසර පිදීම ද සිදු විය.

The post හිටපු ජනපතිගේ චෝදනාවකට ඇමැති රාජිතගෙන් පිළිතුරු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();