ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය, ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටී.
කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දියයුතු බවට යෝජනාවත් කැබිනට් මණ්ඩලය ඉදිරිපත්ව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊට විරෝධය පළකර තිබේ.
මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රවර්ධනය කළයුතු බවට වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර ඇති අතර අගමැතිවරයාත් මලික් සමරවික්‍රම ඇමැතිවරයාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉන්දියාවට බදුදීමට සාකච්ඡා කර ඇතැයි සඳහන් වේ.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා හම්බන්තොට වරාය චීනයට දී තිබියදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දුන හොත් හදිසියකට නැවක් ගෙන්වා ගැනීමටවත් වරායක් නැති බව පවසා ඇතැයි වාර්තා වේ. එබැවින් තමා මේ වරාය බදුදීමේ යෝජනාවට අකමැති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වැඩිදුරටත් වාර්ථා වේ.
The post කැබිනට් මණ්ඩලයේත් අවුලක්. appeared first on Lanka News Column.


0 Comments