Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාපය රැකුමට නව පෙරමුණක්.

Gajasawi

වත්මන් දේශපාලන තත්වය තුළ එක්සත් ජාතික පක්ෂය ලබා ඇති යම් පසුගාමී ස්වරූපය පිළිබඳව හා විරුද්ධ පාර්ශවික කණ්ඩායම් හා පිරිස් නඟන අවලාද විවේචනයන් හමුවේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම 2015 ජනවාරි 08 බලපෙරළිය වෙනුවෙන් සිය උපරිම දායකත්වය සැපයූ එක්සත් ජාතික පාක්‍ෂිකයා දැඩි කලකිරීමට පත් නොවන අයුරින් අවම වශයෙන් පසුගිය රාජපක්ෂ පාලන දශකය පුරා දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට හෝ යම් සාධාරණත්වයක් ඉටු නොවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පාක්‍ෂිකයා නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම අරමුණු කොටගෙන සහ පක්‍ෂයත් පාක්‍ෂිකයාත් සියලු නායකකාරකාදීනුත්සුරක්ෂා කරගනිමින් නවමු දිසානතියකින් පක්‍ෂයට ශක්තියක් දීමට “ගජසවි සමවාදී පෙරමුණ” නමින් නමින් නව පෙරමුණක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.

එළැඹෙන 2020 ජනාධිපතිවරණයෙදී සුජාත එජාප ජනාධිපතිවරයෙකු යටතේ පක්‍ෂය හා පාක්‍ෂිකයා සුරක්ෂා කිරීම තේමා කරගත් මෙම සංවිධානය මේ වන විට සිය මතය පිළිබඳ රට පුරා බිම් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක සිටින බවත් සඳහන් වේ.

හිටපු බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල රුවන් අමරසිංහ ඇතුළු එජාපයට හිතැති නිර්මාණශීලී නව තරුණ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් මේ සඳහා පෙරමුණ ගෙන ඇතැයිද සඳහන් වේ.

The post එජාපය රැකුමට නව පෙරමුණක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();