Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ජනපතිට දැන් අමතක දේ ගැන ඇමතිනි තලතා කියයි.

Minister_Thalatha_15

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමහර වෙලාවට හීනෙන් බය වෙලා වගේ මම තමයි ජනාධිපති කියලා වැඩ කරන බවත් ආපහු ආණ්ඩු පෙරලළා හෙට ජනාධිපති කියලා වැඩ කරන බවත්  අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළකලේ  රුපියල් ලක්ෂ 126 මුදලක් වැය කරමින් ඉදිකළ රත්නපුර මුද්දුව මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

කවුරු මොනවා කිවුවත් 2020 වෙනකල් ආණ්ඩු කරන්නේ අපි. මේවාට සංවර්ධනයට සල්ලි ගේන්නේ අපි. 2020 වෙනකල් කුරා කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න අපි දෙන්නේ නැහැ. 2015 අගෝස්තු 15 අපි කිවුවා අපේ පක්ෂය ජයග්‍රහණය කරවන්ඩ අපි වැඩ කරනවා කියලා. ප්‍රාදේශීය සභාව අපිට නැති වුණා කියලා අපි වැඩ නොකර ඉන්නේ නැහැ. දේශපාලනයට එන්න ඕන ජනතාවට යමක් කරන්න ඕන අය යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

පරම්පරාවෙන් පරම්පරාවට බලය ගෙනි යන්නේ කොහොම ද කියලා එදා කල්පනා කළේ.අද එහෙම දෙයක් නැහැ. අපිට යම් වගකීමක් තනතුරක් ලැබුණහම අපි ඉස්සෙල්ලා ම කථා කරනවා තනතුරේ ගරුත්වය ගැන. මට හෙට මේ ඇමතිකම නැත්වෙන්න පුළුවන් තව ඇමති කෙනෙක් එන්න පුළුවන්. එයා ආවහම ඒ තනතුරේ ගරුත්වය අපි රැකෙන විදිහට වැඩ කරන්න ඕන. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ ටික අමතක වෙලා. එතුමා සමහර වෙලාවට හීනෙන් බය වෙලා වගේ මම තමයි ජනාධිපති කියලා වැඩ කරනවා. ආපහු ආණ්ඩු පෙරලළා හෙට ජනාධිපති කියලා වැඩ කරනවා ඊයේ ආවලු රත්නපුරේට. මම දන්නේ නැහැ ආවා කියලා කියනවා. එතුමා කියනවලු මේ අධිකරණ ඇමතිතුමිය නීතිපති ගෙනල්ලා එයාට අවශ්‍ය උපදෙස් දීලා නීතිපතිතුමා මගින් අගවිනිසුරුතුමා හරහා නඩු පවරන්නේ කියලා. දැන් මම ඒකයි කිවුවේ එයා තාම හිතා ගෙන ඉන්නේ එයා කරපු විදිහ. එයාට අමතක වෙලා තියෙනවා එයා ජනාධිපති කාලේ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු විදිහට නීතිපති දෙපාර්තමේන්තුව තියාගෙන හිටියේ එයා යටතේ. එයා කියන දේ තමයි නීතිපති දෙපාර්තමේන්තුව කළේ. ඊයේ පෙරේදා දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රිතුමාගේ අභියාචනයේ තීන්දුව දුන්නා. 2011 භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රිතුමා ඇතුළු පිරිස මැරුවේ. 2015 මේ රජය පත් කරලා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නායකත්වයෙන් නීතිපතිතුමාට ලැබුනු ස්වාධීනත්වය නිසා නඩු පවරන කල් කිසි කෙනෙක් නඩුව ඇල්ලුවේවත් නැහැ. ඇයි හිරුණිකාගේ තාත්තා තාත්තා කෙනෙක් නෙමෙයි ද. එහෙම තිබුණු නීතිපති දෙපාර්තමේන්තුව අද මෙයා කියනවා නීතිපතිව ගෙනල්ලා නඩු පවරනවා කියලා. මම එයාට කියන්ඩ ඕන එයා වගේ වැඩ කරන්න අපි ඇවිල්ලා නැහැ. මේකේ අපි හැමදාම ඉන්න ඇවිල්ලත් නැහැ. අපි බලය කියන එක දැකපු මිනිස්සු. බලය තියෙනවා නැති වෙනවා හැබැයි බලයට කෑදරකමින් හැම එකක්ම කරන්න උත්සාහ කරන්නේ නැහැ. නීතිපතිතුමා තමයි රජයට උපදෙස් දෙන්නේ එතුමා මාව මුණ ගැහෙන එක වරදක් නෙමෙයි. එතුමාට නියෝග කරන්න අපි උපදෙස් දීලා නැහැ. එයාට අමතක වෙලා තියෙනවා අගවිනිසුරුතුමියක් පැය 24 න් ගෙදර යවපු හැටි. ගෙදර ඇරියා විතරක් නෙමෙයි එදා පාර්ලිමේන්තුවට ගෙන්නලා අඩු ගානේ ඕලෙවල්වත් පාස් නැති සමහර මන්ත්‍රිවරු හරහා අපහාසයට ලක් කලා. එතුමියගේ ගරුත්වය සම්පුර්ණයෙන්ම විනාශ කරලා දාලා මිනිස්සුන්ගේ අධිකරණය ගැන තිබුණු විශ්වාසය විනාශ කරලා දාලා ශිරාණි බණ්ඩාරනායක මහත්මියට පැය 24 න් ගෙදර යවපු හැටි මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතක ඇති. අපි ඒවා කරන්න සුදානම් නැහැ අපි සම්පුර්ණයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා තියෙනවා පහුගිය දවස්වල එක එක හීන දැක්කා අධිකරණය ගැන. හැබැයි අපේ ජනාධිපතිතුමා එතුමා ව්‍යවස්ථාදායක මණ්ඩලයට යෝජනා කරන කොට අධිකරණයේ විනිසුරුවරුන් කළ ඉල්ලීම්වලට සවන් දීලා අධිකරණයේ පත්වීම් කරලා තියෙනවා .හිටපු ජනාධිපතිතුමාට  අමතක වෙලා තියෙනවා එයාට ඕන කෙනෙක් නීතිපති ලෙස පත් කර ගෙන ඒ පුද්ගලයාව අගවිනිසුරු ලෙස පත් කර ගෙන වැඩිය ඕන නැහැ මේ රත්නපුරේ තියෙනවා ඕන තරම් ෆයිල් යට ගහපුවා. නාලන්ද එල්ලාවල මන්ත්‍රිතුමා මරපු වෙලාවේ ගෙවල් ගිනි තියපුවා අතුල ආටිගල මන්ත්‍රිතුමා මරපු එකේ ෆයිල් හොයා ගන්න බැරිව තිබුණා. මෙන්න මෙහෙම වැඩ කටයුතු වුණේ. අද ඒවා එයාට අමතක වෙලා තියෙනවා.

19 වන ආණ්ඩු කුම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අධිකරණය රාජ්‍ය සේවය පොලිසිය මැතිවරණ පැවැත්වීම අපි ස්වාධින කළා. ඒ නිදහස ආරක්ෂා කර ගෙන කර ගෙන යන්න ඉඩ දෙන්න. අපිට කියා දෙන්න එපා අපි ඔයාට මතක් කරලා දෙන්නම් 2015 ජනවාරි 08 වෙනිදාට පෙර වුණු දේවල් යැයි ද අධිකරණ අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

The post හිටපු ජනපතිට දැන් අමතක දේ ගැන ඇමතිනි තලතා කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();