Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සහල් මිල අඩු වෙයි?

Rice

මේ දිනවල වෙළෙඳපොළේ සහල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ලබන සතියේ සිට රුපියල් 10කින් සහල් මිල පහත දැමීමට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කර ඇත.

එහි සභාපති නීතිඥ උපාලි මොහොට්ටි සඳහන් කර ඇත්තේ, සහල් නිෂ්පාදකයින් ඊට සිය එකඟතාව පළ කර ඇති බවයි. පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් එම පියවර ගත් බව ද ඔහු සඳහන් කර ඇත.

මේ අතර, සහල් සඳහා ලබන ජනවාරි මස සිට උපරිම සිල්ලර මිලක් නියම කරන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කර තිබේ. සභාපතිවරයා සඳහන් කර ඇත්තේ පසුගිය මස 4වනදා ඊට අදාළ කබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති බවයි.

ඒ අනුව සම්බා හාල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 98ක මිලක් සහ නාඩු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 82ක උපරිම සිල්ලර මිලක් නියම කෙරෙනු ඇති බව සඳහන් වේ.

The post සහල් මිල අඩු වෙයි? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();