Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය මාර්ගයේ අලි ගැටීම් වැළැක්වීමට නිර්දේශ 5ක්.

ELEPHANT

දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා සැප්තැම්බර් මස 28 වන දින පත්කරන ලද කමිටුව මගින්, දුම්රිය මාර්ගය අසළ අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැලැස්මක් සැකසීමට ඔක්තෝබර් 11 වන දින සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතුවල නියැලුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කර සිටී.

ඒ අනුව වන ජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.ඒ. සුමනසේන ගේ නායකත්වයෙන් හා දුම්රියේ අලි ගැටීම් වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා, දුම්රිය දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් පරීක්ෂක චමින්ද පෙරේරා ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම නිරීක්ෂණ කටයුතුවල නිරතව තිබේ. මොවුන් විසින් ඔක්තෝම්බර් 11 වන දින සිට 14 වෙනි දින දක්වා දින 4 ක් දිනපතා මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය මොටෙර් ට්‍රොලියක් භාවිතා කරමින් මෙම නිරීක්ෂණ කටයුතු සිදුකර ඇත.

ඒ අනුව දින හතරෙහි උතුරු නැගෙනහිර මාර්ගවල අලින්ගේ හැසිරිම් පිළිබඳ ලබාගත් දත්ත හා තොරතුරු අනුව දුම්රියේ අලි ගැටීම වැළැක්වීම සඳහා නිර්දේශයන් 5ක් ලබා දී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කරයි.

එහි පළමු නිර්දේශය ලෙස ලබා දී ඇත්තේ දුම්රිය රියදුරන්ට මාර්ගය පැහැදිලිව පෙනීමට මාර්ගය දෙපස මීටර් 30ක් දක්වා වූ ලදු කැලෑ එළි කිරීමයි.

දක්වා ඇති වේග සීමා නියමිත පරිදිම ක්‍රියාත්මක කිරීම. (උපරිම පැ.කි.මී. 40) හා මාර්ගය දෙපස කදුගැට සහිත ස්ථානවල අලි ඇතුන්ට මාරු වීම සඳහා උඩින් මාර්ග ඉදිකිරීම. (Over pass) දෙවැනි සහ තෙවැනි යෝජනා වේ.

දුම්රිය පාලම් සහා බෝක්කු සහිත ස්ථාන තුලින් අලි ඇතුන්ට මාරුවීම සඳහා දැනට තිබෙන බාධා ඉවත්කොට මාර්ග ඉදි කිරීම. (Under Pass) ත් දුම්රිය මාර්ගයට අලි ඇතුන් ඇතුල්වන ස්ථාන සඳහා විදුලිවැට, රේල්පීලි යොදා බාධාවන් යෙදීම සහ පූර්ව අනතුරු ඇළවීමේ සංඥා පද්ධති සවි කිරීමත් සෙසු යෝජනා අතර වේ.

මෙම නිරීක්ෂණ කණ්ඩායම විසින් ලබාදෙන නිර්දේශවලින් අනතුරුව දුම්රිය අලි ගැටීම් වැළැක්වීම සඳහා ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රධාන සැලැස්මක් සැකසීම විද්වත් කමිටුවක් විසින් දින 5 ක් ඇතුලත සිදු කිරීමට නියමිත අතර, එම කමිටු වාර්තාව සහ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ඇස්තමේන්තුවද ඔක්තෝම්බර් මස 25 වන දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා .ට භාරදීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

The post දුම්රිය මාර්ගයේ අලි ගැටීම් වැළැක්වීමට නිර්දේශ 5ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();