Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති කියන තෙල් මිල සූත්‍රය හැදෙන හැටි.

ranil wik

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, තෙල් මිල සූත්‍රය පැහැදිලි කරමින් පැවැසුවේ ඉදිරියේදී තෙල් මිල සතියෙන් සතියට වෙනස් විය යුතු බවයි. ගල්ගමුවේ පැවැති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ඉස්සර පෙට්‍රල් මිල මාසයක් දෙකක් තුනක් වෙනස් වුණේ නෑ. මාස හයක් වෙනස් වුණේ නෑ. පසුව ගිය අවුරුදු 10 තුළදී දවසින් දවස වෙනස් වෙන්න පටන් ගත්තා. පොඩි ගාණකින්. ඒ නිසා ඇමෙරිකාව වගේ රටවල් ආරම්භ කළා දවසන් දවස පෙට්‍රල් මිල මාරු කරන්න. ඒ කරන්න ඕන තාක්ෂණය ඉන්දියාවත් ලබාගත්තා. සිංගප්පූරුවත් ලබාගත්තා. අපේ මාධ්‍ය ඒකට කියන්නේ මිල සූත්‍රය කියලා. අපිත් බැලුවේ ඒක කරන්න. ඒත් අපිට පුහුණුවක් නැති නිසා තෙල් මිල මාරු වෙන නිසා මාසෙන් මාසේ මාරු කරලා ඊළඟට සතියෙන් සතියට එන්න. මේ සූත්‍රය කියන්නේ විශාල දෙයක් නෙමෙයි. ඛණිජ තෙල් පිරිවැයට මුලු මෙහෙයුම් පිරිවැය එකතු වෙනවා.”

“ජැටි හා නළ මාර්ග ගාස්තු, වාෂ්පීකරණයෙන්  ඉවත්වන ඛණිජ තෙල් වල පිරිවැය, ප්‍රවාහන,විකුණුම් පරිපාලන හා තොග ගබඩා පිරිවැය හා අලෙවි නියෝජිතයන්ගේ කොමිස් පිරිවැයත් මේ මෙහෙයුම් පිරිවැයට ඇතුල් වෙනවා. රේගු බදු තීරු බදු ඒ සියල්ලම ගෙවන්නත් සිදුවෙනවා. දැන් සමහරු කියනවා සූත්‍රය වැරදියිලු. සූත්‍රය හරි කළොත් තෙල් මිලි අඩුවෙනවලු. මන් දන්නේ නෑ සූත්‍රය ගැන ඇමෙරිකන් රජය ගිහින් ඉරාන තෙල්වලට සම්බාධක දැම්මා.වෙනිසියුලාව කඩා වැටුණොත් තෙල්මිල ක්‍රමානුකූලව වැඩිවෙනවා.” යැයිද පැවසීය.

The post අගමැති කියන තෙල් මිල සූත්‍රය හැදෙන හැටි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();