2020 වසර තෙක් මේ රටේ යහපාලන රජය බලයේ පවතින බවත්, 2020 පස්සේ පැවතෙන මැතිවරණයකින් යළිත් යහපාලන රජය බලයට පත් වන බවත් අමාත්‍යය මනෝ ගනේෂන් පවසා තිබේ. අමාත්‍යවරයා ඒ බව පවසා ඇත්තේ බගවන්තලාව සෙන් මේරිස් විද්‍යාලයේදි වතු කම්කරුවන් හා ප්‍රදේශවාසින් වෙනුවෙන් පැවැත් වු ජංගම සේවයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍ය මනෝ ගනේෂන් පවසා ඇත්තේ භාරකාර ආණ්ඩුවක් පිලිබදව කවුරුන් සාකච්ඡා කලත් එය පලක් නොවන බවයි.
එමෙන්ම ඕනැම කෙනෙත් ඕනැම අයෙක් සමග සාකච්ඡා පැවැත් වුවත් යහපාලන රජය 2020 තෙක් පැවැත්වෙන බවත් අමාත්‍යය මනෝ ගනේෂන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post 2020න් පසුත් යහපාලන රජය යළි බලයට පත්වන බවට මනෝගෙන් සහතිකයක්. appeared first on Lanka News Column.


0 Comments