සැප්තැම්බර් 10වැනිදා සිදුවු ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව අද (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව ත්‍රිරෝද රථ සංගම් සඳහන් කර සිටී.
ඒ අනුව අද (15) සිට තම සංගමය දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 05 කින් ඉහළ දමා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා සඳහන් කර තිබේ.
එසේම අද සිට බස්නාහිර හා දකුණු පළාතේ පමණක් දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවත් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පවසා ඇත.
මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසා ඇත්තේ, මිල සූත්‍රයක් අනුසාරයෙන් ගාස්තු ඉහළ දැමීමට තම සංගමය තීරණය කර ඇති බවය.
The post ත්‍රීරෝද රථ ගාස්තු අද සිට ඉහළට. appeared first on Lanka News Column.


0 Comments